IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උසස් පෙළ නොවැම්බර් එපා

(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගය (2023) ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බවත් ඒ අනුව ඔවුන්ට විභාගයට සූදානම් වීමට දින 100 කට අඩු කාලයක් පමණක් ලැබෙන බවත් විභාග අපේක්‍ෂකයෝ චෝදනා කරති.
පසුගිය විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් හෝ එසේත් නැත්නම් ඉලක්ක පීඨයට සුදුසුකම් ලැබීම නොහැකි වීමෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බවත් ඔවුහූ පවසති.
විභාග ප්‍රතිපළ නිකුත් කිරීමට ප්‍රමාද වීම දරුවන්ගේ වරදකින් වූ දෙයක් නොවන බව කියන විභාග අපේක්‍ෂකයෝ එම ප්‍රමාද වූ කාලය නැවක විභාගයට පෙනී සිටින දරුවන්ට දීම බලධාාරීන්ගේ වලකීමක් බව ද සඳහන් කරති. 



අදහස් (12)

උසස් පෙළ නොවැම්බර් එපා

Gimhani nethmi perera Friday, 08 September 2023 05:08 PM

උසස්පෙළ නොවැම්බර් එපා...

:       23       26

H.A Harshani Friday, 08 September 2023 09:07 PM

අපිට කාලය මදි විභාගයට සූදානම් වෙන්න. අඩුම තරමේ අපිට දින 100ට වඩාවත් අවශ්‍යයි.

:       17       16

Judith Saturday, 09 September 2023 09:48 AM

විභාගය ඉවරවෙලා දවස් කීයක් ගෙදර හිටියද...? ඒ දවස් ටිකය් දැනට ඉතිරි දවස් ටිකත් එක්ක පාඩම් කෙරුවා නම් දෙවෙනි ගමන විභාගයට ලේසියෙන්ම ලියන්න පුළුවන් කියලා හිතුනේ නැද්ද...? කොච්චර කාලයක් ඉස්කෝලේ ගියාද බලන්න ඉස්සෙල්ලාම...

:       10       6

Planned Life Friday, 08 September 2023 10:04 PM

විභාග ප්‍රතිඵල එනකන්ම ඉන්න ඕනෑද? ඊළඟ සැරේ විභාගෙට සෙට් වෙන්න..

:       16       23

TN Sunday, 10 September 2023 12:34 PM

පළමුවර උසස් පෙළ කරන අපිට කොතරම් අසාධාරණයක්ද? මේක ඔයා ඔහොම කියන්න එපා අපිට අවුරුදු 2ක් වත් සම්පූර්ණවත් නෑ. 2021 සැප්තැම්බර් 24 ප්‍රතිඵල ආවාට ඇමැති කියන විදියට ඉස්කෝල නොවැම්බර් පටන් ගත්තේ නෑ. මොකද අපේ ප්‍රතිඵල නිකුත් වුනේ සෞන්දර්ය ප්‍රතිඵල නැතුව... ඒ පාර නොවැම්බර්වල කිව්වා දෙසැම්බර්වල සෞන්දර්ය ප්‍රායොගික පරීක්ෂණ් කියලා... අපි ඒ පාර ඒවාට සූදානම් වුණා. ඒ පාර 2021 උසස් පෙළ ළමයි 2022 ලිව්වේ. ඒ නිසා උසස් පෙළ අපිට ඉස්කෝලේ තිබ්බේ නෑ. 2021 බැජ් එක යනකම්. ඒ පාර තමයි ඉස්කෝල පටන් ගත්තේ... ඒ කියන්නේ මාර්තුවල පටන් ගත්තේ අවුරුදු දෙකහාමාරක් උගන්නන්න ජාතික අධ්‍යාපන ආයතනය විෂය නිර්දේශ සකස් කරන්නේ... ඒ නිසා දන්නේ නැති දේවල් නොකියා ඉන්න...

:       0       2

chamaraSunday, 10 September 2023 12:39 PM

ඔව්... හොඳටම ලියලා තමන් බලාපොරොත්තු වුණාට වඩා අඩු ප්‍රතිඵල ආපු අය ඕනෑතරම් ඉන්නවා. පළවෙනි සැරේ ලියන අයටත් 3 වෙනි වාරයත් ඉවරවෙන්නේ පෙබරවාරිවල...!

:       0       0

Lalla Friday, 08 September 2023 10:52 PM

නාකිවෙනකම් උසස්පෙළ කරන්න හිතාගෙන ඉන්න පිස්සෝ... කවදා රැකියාවලට යන්නද?

:       10       6

chamaraSunday, 10 September 2023 12:35 PM

නාකිවෙන හින්දා තමයි සූදානම් වෙන්න කාලෙ ඉල්ලන්නේ මාස 3ක් විතර බාගෙට ලියලා තව අවුරුද්දක් බලන් ඉන්න කියලාද කියන්නේ පලවෙනි සැරේ ලියන අයටත් 3 න් වෙනි වාරයකුත් නැතිව විභාගේ තියන්න යන්නේ... දන්නා දෙයක් කතාකරන්න නොදන්නා දේවල්වලටත් කමෙන්ට් වලින් වීරයෝ වෙන්න හදන අය තමයි පිස්සෝ...! 

:       0       1

Harsha Sunday, 10 September 2023 01:52 AM

එක්සෑම් කල් දාන්න එපා. පිස්සුද... මේ කාලය නාස්ති කරන්නේ? පොඩ්ඩක් පාඩම් කරන්නකෝ... වදයක් දෙන්නේ නැතිව...

:       1       0

ishan Sunday, 10 September 2023 12:26 PM

කියවන්න එපා එච්චරයි. මේකට කමෙන්ට් දාන නාකි අපිට වෙන අසාධාරණේ දන්නේ නැහැ. ඔයා තමයි අපේ අනාගතේ කෑවේ මේ වගේ මෝඩ පාර්ලිමේන්තු යවලා තව එක්සෑම් එක ගැනත්... කතා කරන්න එනවා මෝඩ හරක් ටික... අනිවාරෙන් exam කල් යන්න ඕනේ

:       0       0

Kavinda Sunday, 10 September 2023 01:24 PM

අනිවාර්යයෙන් කල් යන්න ඕනේ... නැතිනම් ඒක ළමයින්ට අසාධාරණයි...

:       0       0

Shen Sunday, 10 September 2023 01:55 PM

"ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි"

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site