ව්‍යාකූල තත්වයට පත්වූ උසස් පෙළ ප‍්‍රතිඵල වහා අත්හිටුවා නැවත නිවැරදි ප‍්‍රතිඵල නිකුත් කරන ලෙස ඉල්ලා පාසැල් සිසුන් 16 දෙනකු සහ ලංකා ගුරු සංගමය එක්ව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලින.
විභාග කොමසාරිස්, අධ්‍යාපන අමාත්‍යවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපතිවරයා සහ උසස් පෙළ විභාගයන් ඉසෙඞ් ස්කෝර් කඩඉම් සූත‍්‍රය ඉදිරිපත් කළ මහාචාර්ය ආර්. ඕ. තටිල් වගඋත්තරකරුවෝ වෙති.
පෙබරවාරි 13 වෙනිදාට එම වගඋත්තරකරුවන්ට කරුණු ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
උසස් පෙළ නඩුව ඉහළ උසාවියේ.
පුරවැසියා Thursday, 02 February 2012 02:36 PM
අපේ දරුවන්ට ඉහළ උසාවියේ සරණ ලැබේවා
රොෂාන් Thursday, 02 February 2012 02:54 PM
ඔය නඩුව ඉවර වෙනකොට, ඊලග විභාගේත් ඉවර වෙලා තියේවි. නරකද මේ ළමයි ඔය අතරේම ඊලග විබහගෙටත් ලැස්ති උනානම්.
නිමා Thursday, 02 February 2012 06:41 PM
අනේ උසාවියෙන් වත් අපේ දරැවන්ට සාදාරණයක් ඉශ්ඨ වේවා..... මේ කල අපාරධයෙන් ලංකාවේ දරුවෝ කී දෙනෙක් නම් අසරණ උනාද???? එස්බී ඇමතිතුමයි බන්දුල ඇමතිතුමයි මුලින් නොදැන හිටි සූත්තරේ දැන් හරි කියන්නේ කොහොමද..ඇයි අපි හැමෝම රවට්ටන්නේ.........
මොහොමඩ් රිස්වාන් Thursday, 02 February 2012 08:24 PM
රජයත් නිහඩයි. ඇමැතිවරුනුත් නිහඩයි. පාඩුව ළමයින්ට..
දර්ශණ Friday, 03 February 2012 09:13 AM
නිකුත් කළ ප්‍රතිඵල අත්හිටුවා නිර්දේශ දෙකම නැවත සමීක්ෂණයක් කර නව ප්‍රතිඵල දෙන්න. එවිට රජයට හොද නමක් ලැබෙයි.