IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උසස් පෙළ ගණිත අංශයේ පළමුවැනියා රාජකීය විදුහලෙන්

(ඩයනා උදයංගනී)

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ පළමුවැනියා බවට පත්ව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් ශිෂ්‍යයාය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඔහු සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇත.

ඉදිරියේදී දේශිය හෝ විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා රටට සේවයක් කිරීම තම අරමුණ බවත්, විදෙස් විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම ගැන සොයාබලමින් සිටින නමුත් දිගටම විදේශයක ජීවත් නොවී ශ්‍රී ලංකාවට පැමිණ රටට සේවය කරන බවත් ඔහු පැවසීය.

තමන් ලැබූ ප්‍රතිඵලය වසර තුනක් මහන්සියෙන් සහ අධ්‍යාපනය ලබාදුන් ගුරුවරු, පවුලේ අය ආදී සියලු දෙනාගේ සහයෝගයෙන් ලබාගත් ජයග්‍රහණයක් බව කී සහන් සමරකෝන් සිසුවා විභාගය නියමිත කාලයේ නොපවත්වා කල්යාම ආදිය නිසා තමන්ට මානසික පීඩාවන් පවා එල්ල වූ බව කීවේය.

පාසල් අධ්‍යාපනය වෙනුවට ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක බව තමන් නොසිතන බව කී සහන් අධ්‍යාපනයට මෙන්ම පවුලේ අය සමඟ කටයුතු කිරීමට ද කාලය වෙන් කළ යුතු බවත්, ගෙවෙන කාලය යළිත් නොලැබෙන බවත් සඳහන් කළේය.



අදහස් (2)

උසස් පෙළ ගණිත අංශයේ පළමුවැනියා රාජකීය විදුහලෙන්

Jinna Monday, 29 August 2022 02:22 PM

හොඳ අනාගතයට සුබපතමි...

:       1       24

රාජකීයයී..! Monday, 29 August 2022 03:25 PM

පුතා ඔයා කඩ්ඩෙන් වැඩ්ඩෙක්....! හැබැයි පිටරට විශ්ව විද‍්‍යාලයක ඉගෙන ගන්න යන නිසා මම අවංකවම ලියනවා ඒජන්සි මාර්ගයෙන් කිසිම විශ්ව විද‍්‍යාලයක් තෝරාගන්න එපා කියලා... එංගලන්තයේ ඉගෙන ගන්න එනවා නම් දැන්ම ඉල්ලුම් කරන්න! මේ දිනවල ළමයි බඳවා ගන්නවා... සැප්තැම්බර් 26 විශ්ව විද‍්‍යාල පටන් ගන්නේ...!

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site