IMG-LOGO

උසස් පෙළ උත්තර පත්‍ර ගැන අනිද්දා තීරණයක් ගන්නවා

(යොහාන් භාසුර)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනිද්දා (25) අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව එම සම්මේලනයේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් දීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව කී එම නිලධාරියා අඟහරුවාදා පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව ගැන තීරණයක් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

 



අදහස් (3)

උසස් පෙළ උත්තර පත්‍ර ගැන අනිද්දා තීරණයක් ගන්නවා

එස් සමරවික්‍රම Sunday, 23 April 2023 08:58 PM

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම තම රාජකාරි කටයුතු වලට අයත් නොවන අමතර කාර්යයක් බව ආචාර්ය සමිති පවසයි එසේ නම් ඔවුන් ගේ වෘත්තීය සමිති ඔවුන් ගේ සාමාජිකයන් ට එම කටයුතු වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම නීති විරෝධී බව වටහා ගැනීමට රජයේ වගකිවයුතු නිලධාරීන් ට නොහැකි වීම මවිතයට කරුණකි අධ්‍යාපන වෘත්තීය සමිති වලට අයත් නොවන දුම්රිය නතර කිරීම වැනි කටයුතු වර්ජනය කරන ලෙස ඉදිරියට ඉල්ලා සිටි විට දුම්රිය නතර කරයි ද මෙම තත්ත්වය අනුව පැහැදිලි වන්නේ පිලිතුරු පත්‍ර පරික්ෂා නොකරන අය එම තීරණය එකිනෙකා පුද්ගලික ව ගෙන ඇති බව යි ඒ අනුව රාජකාරි පැහැර හැරීම පිළිබඳ ව කඩිනමින් නොපැමිණි අය වෙනුවෙන් පියවර නොගැනීම පිළිබඳ ව කඩිනමින් රජයේ වගකිවයුතු පුද්ගලයන් ගෙන් කරුණු විමසන ලෙස මෙම ප්‍රශ්නය හමුවේ දැනටමත් දරුවන් වෙනුවෙන් හඩක් නගන අපගේ දරුවන් ගේ එකම ගැලවුම්කරු වන ජනමාධ්‍ය වේදීන්ට ආරාධනා කරමු

:       0       1

saliya Sunday, 23 April 2023 10:02 PM

ආර්ථික කඩා වැටීම නිසා පමණක් නොව​, විදුලි කප්පාදුව​, කොවිඩ් ව්‍යවසනය​, පාස්කු ප්‍රහාරය ආදිය නිසා දරුවන් හට වූ හානිය අපමණයි. බදු අනුපාත වැඩිවීම ඉතා අසාධාරණයි. එය ඔබට මෙන්ම සමස්ත පුද්ගලික අංශයටම බලපා ඇත​. එසේ නමුත් මහත්වරුනි, නැවතත් සිතන්න මේ දරුවන්, අපේ දරුවන්... හෙටම ප්‍රශ්න පත්‍ර බලන්න​. රට කරවන අය මේ බදු ප්‍රශ්නය විසඳන්න​​. බදු නොගෙවන අය ගැන විමසන්න​. ගෙවන මිනිස්සු තවත් හිර නොකරන්න​. රජයේ හිතුවක්කාරකම් වලට එරෙහිව අසරණ දරුවන්ගේ අනාගතය විනාශ නොකිරීමට වැදගත් මහත්වරු කාරුණික වන්න​.

:       0       1

ලුම්බිණි Monday, 24 April 2023 04:47 AM

මේක බලන්න පාසැල් ගුරුවරු යොදා ගන්න. මොකටද විශ්වවිද්‍යාල ආචාර්යවරු?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site