IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උසාවි පොලීසිගානේ යනඑක අසික්කිත වැඩක්

2016-03-07-ent-86

තමන්ටම ආවේණික වූ අපූර්ව, භාවපූර්ණ හඬ තුළින් සුවහසක් රසික රසිකාවියන්ගේ හදවත් ස්පර්ශ කළ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ නවතම ගීතයක් නුගේගොඩ ඉන්වේව් ශබ්දාගාරයේදී පටිගත කරන අතරතුර අපි ඔහු හා සොඳුරු කතාබහකට පසුබිම සකසා ගත්තෙමු.

පියමං කර යමු කඳුළු ගංගාවේ
නුඹත් මට නැති
මටත් නුඹ නැති
හෙටත් නොදකින තෙරක් නොපෙනෙන
ස්නේහයේ මහ වාලුකා කතරේ....

 

මෙය ඉතාම හැඟුම්බර ගීත රචනාවකට උචිත මියුරු තනුවක්. ඔබේ හඬත් සමඟ එය ශ්‍රාවක සිත් කම්පනය කරනවා නොඅනුමානයි....

ඇත්තෙන්ම අපි අලුතින් සින්දු කළාට, අපට බොහෝවිට හැමදාම ලැබෙන්නෙ එකම ආකෘතියක ගී පදමාලා හෝ එකම ආකෘතියක සංගීත තනු නිර්මාණ. ඒ අතින් බලන විට, මේ ගීතය ලොකු වෙනසක් බව මට හිතෙනවා.

 

මෙය සංයුක්ත තැටියක් වෙනුවනේ ගැයෙන ගීතයක්ද?

ඔව්, මහේෂ් හේවාපතිරණ කියන නව පරපුරේ ගී පද රචකයාගේ පදමාලා ඇතුළත් සංයුක්ත තැටියකට තමයි මේ ගීතය ගායනා කළේ. මේ ආකර්ෂණීය ගී පදමාලාවට ඉතාම උචිත හැඟුම්බර තනුවක් හා සංගීත නිර්මාණයක් කළේ තවත් දක්ෂ තරුණ සංගීතඥයකු වන ඉන්ද්‍රජිත් මිරිහානයි. සංගීත ක්ෂේත්‍රයේ දැන් පවතින වියළි ගතිය නැති වෙන්නත් එක්ක අපි යම්කිසි දායකත්වයක් ලබාදෙන්නත් එපායැ.

 

වර්තමාන සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔබ අවංකව මොනවද හිතන්නෙ?

අද මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ, ප්‍රබුද්ධ ගායක ගායිකාවො බොහෝ දෙනෙක් අලුත් නිර්මාණ කරන්නෙ නැහැ. ඒකට ප්‍රධානතම හේතුව තමයි විද්‍යුත් මාධ්‍යයන් තුළින් එවැනි ගීත ප්‍රචාරය නොකිරීම. අපේ ගීත ශ්‍රාවකයාට අසන්නට සලස්වන්නෙ නැත්නම්, අපි මේ තරම් මහන්සිවෙලා අලුත් නිර්මාණ කරන්නෙ මොකටද කියල හිතෙන අවස්ථාත් නැතුවා නොවෙයි.

 

2016-03-07-ent-88අද ගීතවල අයිතීන් පිළිබඳව වැඩි කතාබහක් ඇතිවී තිබෙනවා නේද?

ඔව්, අපේ ගීත කොපමණ ප්‍රමාණයක් දුරකථන ජාලවලින් රිංඟිං ටෝන් සඳහා පාවිච්චි වෙනවද? ආර්ථික වශයෙන් අපට මොනතරම් අසාධාරණයක් ඒ තුළින් සිද්ධ වෙනවද?

 

මේවාට නීති මගින් කටයුතු කළ නොහැකිද?

මහගම සේකරයන්, අමරදේවයන් වැනි සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් ඇති කළ සංස්කෘතික හා සදාචාරාත්මක ගුණාංගවලින් සපිරි මාවතක් ඔස්සේ තමයි අපි මේ ගමන ඇවිත් තියෙන්නෙ. අපේ කලාකෘති සම්බන්ධ ගැටලු විසඳගන්න උසාවි ගානෙ, පොලීසි ගානෙ යන්න අවශ්‍යද? ඒක අසික්කිත වැඩක්. ඒත් අපේ සමහර ප්‍රවීණ ගී පද රචකයින්ගෙ කුහක ගති නිසා නීතිමය, බුද්ධිමය අයිතීන් පිළිබඳ ගැටලු නිරාකරණය කරගන්න අපට පොලීසි ගානෙ, උසාවි ගානෙ යන්න වෙලා තියෙනවා. ඒ අය ලියපු සින්දු ගායක ගායිකාවන්ට කියන්න දෙන්නෙ නැහැ. මේවා මොනතරම් සදාචාර විරෝධී වැඩද?

මේ ගීතය සඳහා සංගීතය හා තනුව නිර්මාණය කළ ඉන්ද්‍රජිත් මිරිහාන කියා සිටියේ මේ තනුව නිර්මාණය කළේ අමරසිරි පීරිස් ගායන ශිල්පියා හිතේ තියාගෙන බවය.

"ඇත්තටම අමරසිරි අයියාව ඔළුවෙ තියාගෙන තමයි මම මේ සින්දුව හැදුවෙ. මේක පටිගත කළේ අද, ඒත් මේ ගීතය මීට කළින් සිය වරකට වඩා අමරසිරි අයියගෙ හඬින් මම මනසින් අහලා තියෙනවා. මහේෂ් හේවාවිතාරණගේ අරුත්බර වචනවලට අමරසිරි අයියගේ භාවාත්මක හඬ මුසුකළ මේ අපූර්ව ගීතය ළඟදීම ශ්‍රාවකයින්ට අසන්නට ලැබේවි. මෙහි ශබ්ද පරිපාලන කටයුතු භාරව හිටියෙ ඉන්වේව් ශබ්දාගාරයේ ශබ්ද පරිපාලක අනුර රණසිංහ," කීය.

ගී පද රචක මහේෂ් හේවාපතිරණ මේ ක්ෂේත්‍රයට අහම්බෙන් පිවිසියෙකු වුවද මේ වනවිටත් ඔහුගේ ගී පදවැල් ඇතුළත් සංයුක්ත තැටි දෙකක් එළි දක්වා තිබෙනවා.

"අමරසිරි පීරිස් ගායකයාණන් අද ගැයූ ගීතය ඇතුළත් වෙන්නෙ මගේ තුන්වෙනි සීඩී තැටියේ. මෙය ළඟදීම දොරට වඩින්නට කටයුතු කරගෙන යනවා. අමරසිරි පීරිස්ට අමතරව ෂර්ලි වෛජයන්ත, චන්දන ලියනආරච්චි සහ දුමාල් වර්ණකුලසූරිය ගායනයෙන් මේ ගී තැටියට දායක වෙනවා. මීට පෙර මා ලියූ "අප්සරාවියේ"නමැති ගීතය රාජ්‍ය සම්මානයට නිර්දේශ වී තිබෙනවා. ඒත් අපි ලියන හොඳ ගීත නාලිකා වලින් ප්‍රචාරය නොවීම අපට සිදුකරන බලවත් අසාධාරණයක් කියලයි මම විශ්වාස කරන්නෙ" මහේෂ් කීය.

 

රමේෂ් උවයිස්

hadarasa

2016-03-07-ent-84 2016-03-07-ent-85



අදහස් (0)

උසාවි පොලීසිගානේ යනඑක අසික්කිත වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site