IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උසාවියෙදි දුම්කොළ විසි කර මාස හයක් හිරේ

නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් විභාග වෙමින් තිබියදී උසාවියේ සිටි පුද්ගලයකු සැකකරුවකුට දුම්කොළ පැකට් තුනක් විසි කිරීමේ වරදට ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා බරපතල වැඩ සහිත හය මාසයක සිර දඩුවමක් නියම කළේය.

බොරලැස්ගමුවේ බෝධිරාජ පුරයේ නිලන්ත සිරිවර්ධන (35)ට මෙම දඬුවම නියම විය.

උසාවියේ මහජනයා අතර සිටි ඔහු එක්වරම දුම් කොළ පැකට් විසි කරනු බන්ධනාගාර නියාමකයකු දුටුවේය.

 



අදහස් (0)

උසාවියෙදි දුම්කොළ විසි කර මාස හයක් හිරේ

තබුක් සිල්වා Tuesday, 19 November 2013 11:02 PM

හෙළ‍යේ උරුමය ඉදිරියට ගෙනයාම,අද හෙටම කළ යුතුය (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 19 November 2013 11:15 PM

දැන් කෙසෙල් කැනට දුම් කොළයට තමා නඩු.අනිත් මහා අපරාධ නිකම්ම එළියට.අනේ කාලේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 19 November 2013 11:45 PM

අරුණ නාවලපිටිය, චන්ඩි, චන්ද්‍රසිරි සහ රනිල් වහාම උසාවියට කැඳවා නිදහසට කරුණු විමසිය යුතුයි! (නි)

:       0       0

උපාලි Wednesday, 20 November 2013 12:09 AM

"දඬුවම වරදට සරිලන එකක් වියයුතුය" කියලා පිළිගැනීමක් තියෙනවා. නැත්නම් දණ්ඩ නීති සංග්‍රහය පිටු දෙක තුනකට සීමාවුණු පුංචි පොතක් බවට පත් කරන්න තිබුනා. ඇයි, "සියලුම වැරදිවලට දඬුවම මරණයයි" කියලා එක වගන්තියක් දැම්මා නම් ඉවරනේ. නමුත් එහෙම නොකර එක එක වැරදිවලට එක එක දඬුවම නියම කර තිබෙන්නේ දඬුවම වරදට සරි විය යුතු නිසයි. නැත්නම් වෙන්නේ, චන්දි කියල තියෙනවා වගේ අලුතින් දරුණු අපරාධකාරයින් බිහිවෙන එකයි. (නි)

:       0       0

දිනේශ් Tuesday, 19 November 2013 06:27 PM

උසාවියට එන්න කලින් පරික්ෂා කරන එක සිරිතක්.එතකොට මේ පුද්ගලයා පරික්ෂා කලේ නැද්ද?පරික්ෂා කරන පොලිස් නිලධාරින්ට දඩුවම් නැද්ද? (ස)

:       0       0

සිල්වා Wednesday, 20 November 2013 06:04 AM

ලැජ්ජයි අපේ රට ගැන. ජීවත් වෙන්න බැරි රටක් මේක දැන්. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 19 November 2013 06:57 PM

උසාවියට එන්න කලින් පරික්ෂා කරන එක සිරිතක්.එතකොට මේ පුද්ගලයා පරික්ෂා කළේ නැද්ද?පරික්ෂා කරන පොලිස් නිලධාරින්ට දඩුවම් නැද්ද? (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 19 November 2013 07:04 PM

නියම දඬුවම, උසාවිය කියන්නේ මොනවගේ තැනක්ද කියල දැන් හොඳට තේරෙයි..(ස)

:       0       0

සුජීව Tuesday, 19 November 2013 07:19 PM

මේකත් වරදක් තමා. නමුත් දඬුවම් විඳින්න සුදුසු අය ඕනෑතරම් වැරදි කරනවා. නමුත් නීතිය අන්ධයි නිසා පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

දයා Tuesday, 19 November 2013 07:53 PM

පසුගිය දිනක විත්තිකාර වතු අධිකාරිවරයෙකු උසාවියෙන් පැනයන තෙක් නිලධාරීන් බලා සිටියා.මෙම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගත්තා.උසාවියට ඇතුළු වෙද්දී නිලධාරීන් විසින් මහජනයාව පරීක්ෂා කරන අවස්ථාවේ මෙම දුම්කොළ නිලධාරීන්ට හසුවී නැහැ.මේ අනුව දඬුවම් කර සේවයෙන් පහකළ යුත්තේ මෙම නිලධාරීන් නොවේද? (නි)

:       0       0

නිර්මාල් Wednesday, 20 November 2013 07:57 AM

මේ වගේ වරදකට සැලකිය යුතු දඩයක් ගහන්නේ නැතුව හිරේ දැම්මම, හිරේ ඉන්න කාලෙට කන්න දෙන්නේ, වතුර, ලයිටි වලට වැයකරන්නේ අහිංසක බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් නේද? (නදී)

:       0       0

අරුණ නාවලපිටිය Tuesday, 19 November 2013 08:02 PM

මේ මනුස්සයට අවවාදයක් කරන්න තිබුණේ (දිල්)

:       0       0

ලංකාසිරි Tuesday, 19 November 2013 08:12 PM

මේක අර රේගුව හරහා එන අය ගෙනෙන විදියට ගෙනාවා නම් චෙකින් වලට අහුවෙන්නෙ නැහැ (නි)

:       0       0

දයා Tuesday, 19 November 2013 08:14 PM

රටේ වර්තමාන තත්වය අනුව අනාගතය කෙසේවේවිද? (නි)

:       0       0

චන්ඩි Tuesday, 19 November 2013 08:25 PM

පොඩි පොඩි වැරදි වලට හිරේ යැව්වම දරුණු අපරාධකාරයොත් එක්ක එකතු වෙලා රටටම පිළිලයක් වෙන ජාතියේ අපරාධකාරයෙක් වෙලා තමා එළියට එන්නේ. හරි ෂෝක්නෙ එතකොට? (නි)

:       0       0

ආරියසේන Tuesday, 19 November 2013 08:35 PM

ළමා සහ කාන්තා හිංසන,හොරකම් මැරකම් වලට දැඩි දඬුවම් දෙන්න ඕනේ (අ)

:       0       0

අනු Wednesday, 20 November 2013 09:04 AM

අරුණ නාවලපිටිය, චන්ඩි, චන්ද්‍රසිරි සහ නිර්මාල්ගේ අදහස් වලට මමත් එකඟ වෙමි. (නි)

:       0       0

ජනක Wednesday, 20 November 2013 10:30 AM

දඩුවම සැර වැඩි, දඩයක් ප්‍රමාණවත් යැයි සිතේ. (ස)

:       0       0

ජනිත Tuesday, 19 November 2013 09:55 PM

ෂෙරිෆ් උබට මාර චූන් නේ මිනිහෙක්ට දඩුවමක් දුන්නම....(ස)

:       0       0

ජනිත Tuesday, 19 November 2013 10:00 PM

දුන්කොල පැකට් එකක් විසිකරමං මාස 6ක් හිරේ,කුඩු ග්‍රෑම් 2ත මරණ දඬුවම,කුඩු කිලෝ 8ක් අහු උන මිනිහ නිදහස්.( ස )

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 19 November 2013 10:08 PM

පළමු වතාවට අවවාද කර නිදහස් කරන්න තිබුන (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 19 November 2013 10:15 PM

ජංගම දුරකථන, කුඩු පැකට් හරි හරියට මහා උළු ගෙදරට යන එකේ මේක නිකං කැළණි පාලම යටින් පොල් ලේල්ලක් ගිය වගේ කතාවක්.(ස)

:       0       0

රනිල් Tuesday, 19 November 2013 10:29 PM

එහෙනම් නඩු අහන්නෙම නැතිව තින්ධු දෙනවා. රටට ගිය කලක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site