IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්

(යොහාන් භාසුර)

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක් වූ බවත් එම බලපෑම් හේතුවෙන් එම ප්‍රමාද වූ වසර පහේදී රුපියල් කෝටි 4,500 ක් පාඩු වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

සාම්පූර් විදුලි බලාගාරයට ඉදිරිකිරීමට නොදීමෙන් ශ්‍රී ලංකාව වසරකට රුපියල් කෝටි 3,200 බැගින් පාඩු ලබන බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරත් සඳහන් කළේය.

 



අදහස් (17)

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්

Lal Saturday, 20 April 2024 09:02 AM

චව් චව් ජෙප්පෝ...!

:       4       4

sk Saturday, 20 April 2024 09:04 AM

ඔයාලා රටට කරලා තියෙන පාඩුව මීට වැඩියි.

:       7       2

තරංග Saturday, 20 April 2024 09:24 AM

සියලුම පක්ශ විරුද්ධ වුණත් ඔබලා ගිය වසරේ 3 පාරක් අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කරා නේද? එසේ නම් එම පක්ෂ විරුද්ධ වූ පලියට ඔබලාට එම ව්‍යාපෘති කිරීමට නොහැකි වුනේ ඇයි?

:       4       1

SamanThursday, 25 April 2024 07:25 PM

පිනට කන්නත් ඕනෙ.. රට බංකොළොත් වෙන්නත් බෑ... නැද්ද හා?

:       0       0

Jabos Saturday, 20 April 2024 10:17 AM

ඉජ නොදෙනවලු? අපිටද කියන්නේ..?

:       2       0

Ratne Saturday, 20 April 2024 10:24 AM

එතකොට මාතර තිරිසන් මාරයාගේ කොල්ලා මේකෙන් ගත්තු කොමිස් එක කීයද?

:       4       1

Sanath Kandy Saturday, 20 April 2024 10:36 AM

ජවිපෙ පෙනී හිටියේ උමග කැනීම නිසා ජල මූලාශ්‍ර සිඳී යාම සහ නිවාස විශාල වශයෙන් ගිලා බැසීම නිසා විපතට පත් ජනතාව වෙනුවෙන්. ජවිපෙ ජනතාව සමග අරගල කරා කියලා ඉදිකිරීම් ප්‍රමාද වුනේ නෑ. අමතර වියදමක් ගියේ උමගේ ජල කාන්දු වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ නිසා...!

:       4       3

මොට්ටපාල Saturday, 20 April 2024 11:02 AM

ප්‍රශ්නයක් නැහැ ඇමැතිතුමා.. ලංකාවේ ඉන්නේ ඔලමොට්ටල ඡන්ද දායකයින් (ඔහේලා පත්කළ ලක්ෂ හැටනවයම) බලාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපති එම විනාශකාරීන්ගේ නායකයා ලෙසට පත්කරන්න තමයි...!

:       2       0

මැක්ස් Saturday, 20 April 2024 11:24 AM

උමා ඔය විතරද ඇයි පෝට් සිටිය? තව කීයක් තියෙනවාද? ඒවාට පමාව වෙනුවෙන්ම කීයක් ගෙව්වාද? ජවිපය ප්‍රධාන චම්පික, සජබ, වත්මන් ජනපති ඇතුළු 2015 සිට මේ රට වළ පල්ලට ඇද දාන්නා කටයුතු කළ සියලු බලවේග ඊට වගකිව යුතුයි...

:       4       3

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 20 April 2024 02:48 PM

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900ක පාඩුවක් වූ බවත් එම බලපෑම් හේතුවෙන් එම ප්‍රමාද වූ වසර පහේදී රුපියල් කෝටි 4,500ක් පාඩු වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය' (උපුටා ගන්න ලදී ) වගකීම් විරහිත ප්‍රකාශ මේවා විවිධ දේශපාලන පක්ෂ කියලා කියන්නේ මේ දෙගොල්ලෝ නේද වසර 67ක්ම මේ රට පාලය කලේ. මේ මුදල් කාගෙන්ද නැවත රජයට පවරාගන්නේ? ඔවුන්ගේ (වගකිවයුතු සියළුම දෙනා) පෞද්ගලික දේපළ විකුණා ගෙන හරි... ඒ පාඩුව පියවා ගත යුතුයි.

:       48       15

සෙනෙවිරත්න Saturday, 20 April 2024 03:17 PM

බොරු කියන්න එපා,දේශපාලන පක්ෂ විරුද්ධ වුනේ ප්‍රමිතියෙන් තොරව උමග හාරලා පළාතේ ජලය උමගට ඇදලා, ලිං හිඳිලා, ගෙවල් පිපිරුවාට, ඒක දන්න අය දන්නවා, ඒකත් වුනේ 2016 විතර, ඊට පස්සේ අපි නම් විරෝධතාවයක් දැක්කේ නැහැ. රටේ හමුදාව පොලිසිය, නිලධාරි කටයුතු කරන්නේ ඇතැම් පක්ෂ කියන විදියටද? තමන්ගේ නොහැකියාව වහගන්න බොරු කියන නොම්මර එකේ ඇමැතිලා...

:       42       14

සෙනෙවිරත්න Saturday, 20 April 2024 03:18 PM

රටේ බොරුකාර ඇමැතිලා...

:       40       11

1000000001 Saturday, 20 April 2024 04:16 PM

ලංකාවේ සංවර්ධනය අඩාල කිරීමට බොහෝවිට කටයුතු කලේ සමාජයට වදකයින් වන සමාජවාදීන් කියන්න පුළුවන් මුලින්ම ගල් ඔය සංවර්ධනය වෙලාවේ මැලේරියාව හදා මිනිස්සු මරණවා කිව්වේ සමාජවාදීන් කියාගත් අය තමයි... ඊළඟ 53 වර්ෂයේ හර්තාලය මෙහෙයවූවේත් ඔවුන්ම තමයි ඊළඟට 1971හා 87 සිට 89 අවසානය දක්වා සංවර්ධනය අඩාල කිරීමෙනුත් නොනැවතී වරින්වර කරන කටයුතු අතර උමාඔය සංවර්ධනයට බාධා කිරීම එකක් පමණයි.. එහෙම තියෙද්දී හයක් හතරක් නොතේරෙන ළදරුවන් වගේ මුග්ධයින් රෑනක් ඔවුන්ව මෙතෙක් රටේ පාලනය කලේ නැහැ. ඔවුන්ට දෙනවා උඹලත් දීපල්ලා කියලා දඟලනවා එහෙම කෙනෙකුගේ නුවණ මේකෙන් හිතාගන්න ආදීවාසීන් ගැන කියන ගීතයක මහ බැද්දේ හිටපු කෙනෙක් අකුරු කරන්නට නුවරට ගියේ මම් කියලා අහලා ඇතිනේ... ඉතින් අර පුද්ගලයා කියන්නේ එතැනදී නුවර කියන්නේ මහනුවරට (කැන්ඩි) කියලා තමයි. නුවර කියන්නේ නගරය කියලා තේරුම් ගන්න මොළයක් නැති එවුන් තමයි කොම්පාසුව මුරුංගා අත්තේ තියලා ජයග්‍රාහී දිසාව බලන්න හදන්නේ...!

:       11       45

sachith Saturday, 20 April 2024 06:08 PM

ඉතින් කාංචන මහත්තයෝ, උසාවියකට ගිහින් නඩුවක් දාන්නකෝ. බිලියන ගාණක පාඩුවක්... රට කරපු...‘‘ ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන්:... මේවාට විරුද්ධව...!

:       38       15

Lalla Saturday, 20 April 2024 10:54 PM

කාංචන ඔයාගේ තාත්තත් 1971 විප්ලව කරලා ඊට පස්සේ පක්‍ෂ මාරුකර දේශපාලනය කරපු ඔය කියපු සංවර්ධන වැඩට බාල්දි පෙරලුව කෙනෙක් තමා. ඔයා එහෙම නොකර ඉන්නකෝ...!

:       4       1

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 21 April 2024 11:12 AM

සමහර අයගේ ප්‍රතිචාර දකිනවිට තේරුම් යනවා තවමත් ඔවුන්ට තමන්ගේ රට හෝ මෙරටේ දරුවන්ගේ අනාගතයට වඩා තමන්ගේ වහල් දේශපාලනය වටිනා බව. රටේ සිදුවෙන කිසිම දූෂණයක් වෙනුවෙන් ඔවුන් විරුද්ධ වන්නේ නැත. විරුද්ධ වන්නාට විරුද්ධ වීම ඔවුන්ගේ සිරිතක්. මෙවැනි පුරවැසියන් තමයි අපේ රටේ විනාශයට මූලිකව වගකිව යුත්තන් වන්නේ...

:       5       0

Bamunuarachchi Monday, 22 April 2024 08:17 AM

ජෙප්පෝ මීට වගකිවයුතුයි. සාම්පුර් ව්‍යාපෘතිය නැති කලෙත් ජෙප්පෝ. කොටින්ම රට කෑවේ ජෙප්පෝ.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක්
2024 මැයි මස 03 74 0

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.


කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 278 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසරක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ ආපන


ලිට්‍රෝ ගෑස් මිල පහළට
2024 මැයි මස 03 345 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි


සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 100 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු
2024 මැයි මස 03 558 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්


මා - පිය වලියට දැරිය දිවි පුදයි
2024 මැයි මස 03 1128 1

මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1886 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site