IMG-LOGO

උමාඔය ගැරඬි ඇල්ලේ ගසාගෙන ගිය පහම මරුට

(ඩී.කේ.රත්න,කපිල චන්දන කුරුප්පුආරච්චි සහ ප්‍රසන්න පද්මසිරි)

බදුල්ල ඇටම්පිටිය ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසගෙන් පස් දෙනකු දියේ ගිලීමෙන් අද (29) හවස 4.00 පමණ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර එක් තරුණියක් අතුරුදහන්ව ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.

ඇටම්පිටිය වත්ත පළමු කොටසේ පදිංචි වන රාජා ඩේවිඩ් කුමාර් (23) , සිව සුබ්‍රමණියම් කාංචනා (21) , භවානි (22) , සින්දු (18) සහ සිරියා (20) නැමති අය මෙසේ අවාසනාවන්ත ලෙස දියේ ගිලීමෙන් මියගොස් තිබේ.

මියගිය අයගෙන් සිවු දෙනකුගේ සිරුරු ඊයේ සොයාගත් අතර එක් තරුණියකගේ සිරුර අද දහවල් පොලිසිය විසින් සොයාගනු ලැබීය

මෙසේ දියේ ගිලී මියගිය සිවුදෙනෙකුගේ මෘත දේහ මේ වන විට ගොඩගෙන තිබෙන අතර එක් තරුණියකගේ සිරුර මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.

ඇටම්පිටිය වත්ත පළමු කොටසේ නිවසක තිබූ දානමය කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව එකොලොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගැරඩි ඇල්ලේ දිය නෑමට ගොස් ගැරඩී ඇල්ල අසලම ඊට පහලින් පිහිටි දිය වළක දිය නෑමට යාමේදී මෙම අනතුරට ලක්වී තිබේ.

මෙම දියවල ඉතා ගැඹුරින් පිහිටා තිබීම නිසා මෙම දියවලෙහි කිසිවකුත් දියනෑම සිදු නොකරන බවද ඇටම්පිටිය පොලීසිය පවසයි.

ඇටම්පිටිය පොලීසියේ නිළධාරීන් හා බදුල්ල එළදලුව යුධ හමුදා කදවුරේ නිළධාරීන් පැමිණ දියවල ඇතුලෙහි සැගවී තිබූ මෘත දේහ හතරක් ගොඩගෙන තිබේ.

අතුරුදන්ව ඇති ඉතිරි තරුණියගේ මෘත දේහය සොයා ඇටම්පිටිය පොලීසියේ නිළධාරීන් හා බදුල්ල එළදලුව යුධ හමුදා කදවුරේ නිළධාරීහු එක්ව මේ වන විටත් මෙහෙයුමක් දියත් කර ඇතයි ඇටම්පිටිය පොලීසිය පවසයි.

 

 



අදහස් (8)

උමාඔය ගැරඬි ඇල්ලේ ගසාගෙන ගිය පහම මරුට

පිටිගල මිලානෝ Saturday, 29 January 2022 08:53 PM

අපි පොඩිකාලේ නම් දිය ඇලි සහ ගංගා අශ්‍රිතව මේතරම් මරණ සිදුවුණේ නැහැ. මේ ගැන සමීක්ෂණයක් කළයුතුව ඇත...

:       2       21

Jay Saturday, 29 January 2022 10:55 PM

දැන් ඉන්න මිනිස්සුන්ගේ ඔලු.. විකාර මෙගා නාට්‍ය වලින් පිරිලා. පුවත්පත් සහ අනෙකුත් පුවත් ගැන කිසිම අවබෝධයක් නැහැ. කෙටි කාලයක් ඇතුළත ජීවිත කීයක් නම් වතුරට බිලි වුණාද? ඒවා නොදැන සිටීමේ ප්‍රතිඵල... අපරාදෙ ජීවිත. අපේ සාක්ෂරතාවය 98% ක් කිව්වට, ඒක පේන්නේ නැහැ.

:       0       29

alwis Sunday, 30 January 2022 01:15 AM

ඉදිරි මරණ වළක්වා ගන්න.. මෙතන කරුණාකරලා දැන්වීමක් දාන්න දියනෑම අනතුරුදායකයි කියලා...

:       3       27

Pradeep Kumara Sunday, 30 January 2022 08:51 AM

ඇයි දරුවනේ කිසිවෙකු දිය නොනාන තැන් වල නාන්න යන්නේ. තමන්ගේ ජීවිතවලට ඔයිට වැඩිය වටිනා කමක් දෙන්න. ඔයාලව ඔය වයසට ගේන්න ඔයාලගේ දෙමව්පියන් විදි දුක කොපමණ ඇද්ද.

:       1       27

[email protected] Sunday, 30 January 2022 10:36 AM

ප්‍රාදේශීය සභාවෙන් අනතුරු අඟවලා බෝඩ් ගහලා නැද්ද? දේශපාලකයින් එන ඒවා විවෘත කරන ඒවා නම් ප්‍රාදේශීය සභාවෙන් ගහයි.

:       14       23

amila Sunday, 30 January 2022 01:09 PM

සහන මිලට අතේ පළඳින බැලුන් බෝල දෙන්න ඕනේ... ගිලෙන්න යද්දී... ඒක එබුවාම නිකන්ම උඩ එනවා..

:       8       10

ආනන්ද ආර් Sunday, 30 January 2022 03:27 PM

හොඳ මැතිවරණ පොරොන්දුවක් "අපි සහන මිලට අතේ පළඳින බැලුම් බෝල ලබාදෙනවා".

:       4       5

පිටරැටියා Sunday, 30 January 2022 07:43 PM

අකාලයේ විනාශ වෙන තරුණ ජීවිත ගැන හරිම කණගාටුදායකයි. පහුගිය කාලේ පුරාවටම අහන්න ලැබුණේ ඔවැනි සිදුවීම් තමයි. අවදානම් බව දැනදැනත් මොකට පීනන්න යනවාද? සිහි බුද්ධියෙන් කටයුතු නොකිරීමේ විපාකේ... සියලුම දෙනාට නිවන්සුව අත්වේවා !

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site