IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උපයෝගිතා කොමිසමේ සාමාජිකයෝ සභාපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කරති

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සියයට 36 කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස තමන් ඉදිරිපත් කළ යෝජනාව එම කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කළ බවත් එම සාමාජිකයන් තිදෙනා විදුලිබල මණ්ඩලය යෝජනා කළ සියයට 66 ක විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පැවසීය.

විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට කර තිබූ යෝජනාව සමාලෝචන කර එය රුපියල් බිලියන 142 ක සාධාරණ මට්ටමකට පහත දමා යෝජනාව ඉදිරිපත් කළ බව කී ජනක රත්නායක මහතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න එම නීත්‍යානුකූල ගාස්තු යෝජනාවට විරෝධය පල කළ බව ද සඳහන් කළේය.
එම සාමාජිකයින් හෙට සිට ක්‍රියාත්මක කිරීමට අනුමත කළ ගාස්තු ක්‍රමය නීති විරෝධී, මහජනතාව දැඩි පීඩනයකට පත්කරන මෙන්ම සමස්ත ආර්ථිකයට දරුණු බලපෑමක් කරන විදුලි ගාස්තු ඉහළ දැමීමක් බවත් අධික විදුලි ගාස්තු යෝජනාව අනුමත කළ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ සහ ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවත් රත්නායක මහතා පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම අද (14) රැස්වූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් කළ බව ද එහි සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (16)

උපයෝගිතා කොමිසමේ සාමාජිකයෝ සභාපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කරති

Prabha Tuesday, 14 February 2023 09:54 PM

හිටපු අය ගෙදර යවලා අලුතෙන් පත් කරේ ඕකට තමා

:       0       9

Sisira Tuesday, 14 February 2023 10:04 PM

මහජනයා පිඩනයන්ට ලක්කර මඩිය තරකර ගන්නා පාලකයන්ට ජනතාව නිසි පිලිතැරැ දේවි

:       14       18

සමන්ත Wednesday, 15 February 2023 04:22 AM

විදුලි බල මණ්ඩලයට අවශ්‍යතාවයට අනුව විදුලි බිල වැඩි කරන්න කොමිසමක් මොකටද? මේ කොමිසම සදහා වියදම් කරන මුදල නිශ්පල දෙයකි. ජනතාව ගැන හිතන්න බැරි මෙවැනි කොමිසම වල සමාජිකයින් නව රජයක් යටතේ අධිකරණයට ඉදිරි පත් කල යුතුමයි.

:       13       31

මයි කාර් මයි පැට්‍රල් Wednesday, 15 February 2023 05:55 AM

ඔය මණ්ඩලය විදුලිය ගාස්තුව සියයට දාහකින් වැඩිකලත් ඊළඟ මාසයේ කියාවි තවත් බිලියන ගණනක් පාඩුයි කියලා ඒ නිසා ඒගැන නොසොයා ඒවාට ප්‍රතිකර්ම නොකර කිසිම දවසක සාර්ථක විසදුමක් ලබන්න නම් බැහැ දේශපාලුවො හා වෙනත් බිල් නොගෙවා සිට බොල් ණය ලෙසට කපාහැරීම් වහාම නවතන්න ඕන මණ්ඩලයේ ලොක්කොත් බිල් සකසන කාර්‍යාල වල නිළධාරින් දේශපාලුවො වගේම ගෙවීම් නොකරනවා ඇති කියලා හිතන්නේ මට විතරද නැත්නම් මෙතරම් පාඩුවෙන්නෙ කොහොමද

:       0       30

Demuni Uduwara Wednesday, 15 February 2023 06:00 AM

නියමිත වේලාවට මිනිසුන් ප්‍රතිචාර දක්වනු ඇත!

:       0       13

Demuni Uduwara Wednesday, 15 February 2023 06:05 AM

සාමාන්‍ය ප්‍රජාවට එරෙහිව අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හැසිරීම ගැන මම පුදුමයට පත් විය!

:       0       8

swene Wednesday, 15 February 2023 06:35 AM

සාමාජිකයන් ස්වාධීන හා සමබර නොවේ. ඔවුන් රජය ආරක්ෂා කරයි .

:       0       7

අරවින්ද මොණරවිල Wednesday, 15 February 2023 06:55 AM

කටු කන කොන්ද පණ නැති නිවටයින් එහෙයියන් ස්වාධීන කොම්ෂන් සභා වැනි උසස් ආයාතන වලට පත්වු විට සිදුවන වීනාශය තමයි මේ පෙන්වන්නේ. මෙම කොමිසන් සභාවලට ව්‍යවස්ථාසභාව යන දේශපාලන අටමගලයෙන් තොරව පුද්ගලයන් පත් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කල යුතුය.

:       8       29

චන්දන Wednesday, 15 February 2023 07:28 AM

කොමිෂන් සභා කියන්නේ ආණ්ඩුව ම බව මින් පැහැදිලි නේද . ඒවට පත් කරන්නේ ආණ්ඩුව ට ඕන අය. ගන්නෙ ආණ්ඩුව ට අවශ්‍ය තීරණ . අනෙකුත් කොමිෂන් සභා ගැන කියන්න තියෙන්නේ එච්චරයි .

:       11       13

Ruwan R Wednesday, 15 February 2023 08:04 AM

ඔය ටික කරගන්න තමයි කොමිසමට අලුතෙන් ඇම්බැට්ටයො ඒව්ෙව්. ජනතාවගෙන් පලිගන්න ආණ්ඩුවක්..

:       9       14

Lalla Wednesday, 15 February 2023 08:12 AM

සාමාජිකයන් පත්කරන ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන්නට ඔවුන්ට බැඳීමක් ඇත. ඒ කියන්නේ මේව ස්වාධීන සභා නොවේ කියල නේද?

:       5       10

sharm warn Wednesday, 15 February 2023 09:04 AM

එ කියන්නෙ රනිල් අලුත් ගේමක් ඉල්ලනවා. .. 9 චන්දේ දේතිබ්බොත් එයාගෙ අමුඩෙ වත් බෙර ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනව..

:       12       13

ranjanWednesday, 15 February 2023 12:20 PM

අන්න විදුළි පොදු සේවක වෘර්තිය සමිති නායක තුමත් එන් පී පී එකෙන් චන්දෙ ඉල්ලනවා

:       2       3

Sk Wednesday, 15 February 2023 11:33 AM

රාජ්‍ය නිලධාරීන් කිවුවට මෙයාලා දේශපාලන පත්වීම් .දේශපාලන හිතවත්තු

:       0       7

Rata Perata Wednesday, 15 February 2023 12:54 PM

මේ වගේ ජනතාව ගැන නොසිතන, ප්‍රධාන දේශපාලුවන් රැකුණු අපතයින් ගැන අවධානයෙන් සිටිමු. මොවුන්ගේ ක්‍රියා නිසා අපේ ළමයින්ද පීඩනයට පත්වන බැවින් අපි මොවුන්ගේ ළමයින් ගැනද සොයාබලමු...

:       0       2

fairoos Wednesday, 15 February 2023 01:03 PM

රටට සාපයක් වෙච්චි මේ ආණ්ඩුවට කඩේ යන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site