IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


උපාධි සහතිකය ගෙදර තබා පැල් රකින ගෙවිලිය

(උපුල් හේරත්)

රැකියාවක් නොමැතිව ගිනියම් අව්වේ මහ පොළව සමග හැප්පෙමින් රැය පහන් වන තුරු එම වගා අලින්ගෙන් ආරක්ෂකර ගැනීම ගහක්  උඩ තැනූ පැලක පැල් රකින උපාධිකාරි එක් දරු මවක අනුරාධපුර මහවිලච්චිය පේමඩුවේ දී අපට හමු විය.

ඇය නමින් ඩී.පී. චතුරිකා දර්ශනී විපුලසේනය. දරුවන් පස් දෙනකුගේ පවුලේ සාමාජිකයකු වූ චතුරිකා මූලික අධ්‍යාපනය ඔයාමඩුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් සපුරා ගත් අතර උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර මැදිවිදුහලට ඇතුළත් වූවාය.

2014 වසරේ විශ්ව විද්‍යාලයට වරම් ලැබූ ඇය එය සාර්ථකව නිම කළාය. උපාධියෙන් අනතුරුව ඊට සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසර ගණනක් තිස්සේ පය ගෙවන ඇවිද්දත් ඇයට සුදුසු රැකියාවක් මෙතෙක් නොලැබුණාය.

ජීවිතය ගැටගසා ගන්නට හරිහමන් ජිවනෝපායක් නොලද ඇය අවසානයේ සිය සැමියා සමග මහ පොළොව සමග පොර බදන්නට වූයේ තම එකම දරුවාටද ආරක්ෂාව ලබා දෙමිනි.

දහවල් කාලයේ මහ පොළව සමග පොර බදින ඇය රාත්‍රී කාලයේ ගොවිපොළෙ රූස්ස ගසක ඉදිකළ පැලක රැය ගත කරන්නේ ආශාවට නොව වන අලින් ඇතුළු වන සතුන්ගෙන් තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීමටය. ඒ සෑම තැනකටම ඇය තම කුඩා පුතුද රැගෙන යාමට ඇයට සිදු වූවාය.

අනුරාධපුරයේදී ඉකුත් දා පැවැති රැකියා විරහිත තරුණ තරුණියන්ගේ විරෝධයේ දී ලොකු හඬක් ඇසුණේ ද ඇගෙන්ය.

 



අදහස් (4)

උපාධි සහතිකය ගෙදර තබා පැල් රකින ගෙවිලිය

Manjula Pradeep Thursday, 29 February 2024 12:00 PM

ඔය දුක්බර කතාවේ පිටුපස සිටින බලවේග යක් තමයි අද රට ගොඩ ගන්න දඟලන්නේ. දෙමව්පියන් ගුරුවරුන් හා ළමයින් අනේක විධ දුක් ගැහැට විඳලා ිශ්ව විද්‍යාලයට යන්නේ මොනතරම් බලාපොරොත්තු තියාගෙනද. ඒත් ඇතුලට ගියාම ජේවීපී කාරයෝ ඉස්සර රැග් කරනවා කියලා උන්ගේ හිරියොතප් නැති කරනවා උන්ට ලිංගික භාණ්ඩයක් හැටියට පාවිච්චි කරන්න ලේසි වෙන්න. පස්සේ උන්ගෙ ළඟ තිබිච්ච රට ජාතිය ආගම ගැන තිබිච්ච ආදරය ජාතිකානුරාගය නැතිවන විදියට උන්ගේ මොල හෝදනවා යුතුකම් පැත්තක තියලා ඉල්ලීම් ඉල්ලගන්න විතරක්. ඊට පස්සේ උන්ට නිවැරදි අධ්‍යාපනයකට යොමු වෙන්න නොදී මුන්ගෙ දේශපාලන වැඩවලට පාරවල් ගානේ උද්ඝෝෂණවලටයි වැඩ වර්ජන වලටයි යොදාගන්නවා. ඊට පස්සෙ කැම්පස් එකෙන් එලියට දාන්න ඉගෙන ගත්ත දේවල් වලට විතරක් විභාගයක් ලියලා යන්තම් උපාධි සහතිකය විතරක් ගන්නවා දැනුම නැතුව. පුද්ගලික ආයතන වල ලංකාවේ උපාධිවලට කිසිදු වටිනාකමක් නැත්තේ හරියට ඉගෙන නොගෙන විස පොවපු මේ උපාධිධාරීන්ට කිසිදු වැඩක් හරියට කරගන්න බැරි නිසයි රාජ්‍ය ආයතන වල තියෙන අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවත් මේක . ජේවීපී කාරයෝ රටේ උගතුන් විනාශ කරලා රටට කරපු විනාශය අනිත් සෑම විනාශයන්ට වඩා වැඩියි

:       13       20

rmv_boys Thursday, 29 February 2024 01:46 PM

ඕකට වග කියන්න ඕනෑ, මේ රටේ අධ්‍යාපනය හදන දේශපාලනය සහ බලධාරින්. නිකන්ම උපාධියක් තිබ්බාම ඇති කියලා ළමයින්ගේ ඔලුවට දාලා... පස්සේ කිසිම රැකියාවකට සුදුසු නොවී අවුරුදු 25-27 එළියට උපාධි ධාරියෙක් බිහිවෙන තැනට මිනිස්සු පත්කරලා. ඕකට නිදහස් අධ්‍යාපනය කියලා වටේටම විකුණන තත්වයක් ඇතිකරලා...

:       0       0

Prabha Thursday, 29 February 2024 02:33 PM

අනිවාර්යයෙන්ම කර ඇත්තේ කලි විෂය.

:       0       0

Lalla Friday, 01 March 2024 08:28 AM

උපාධි සහතිකය රැකියාවලට මගක් වූයේ කලා උපාධිය නිසා... උපාධිය ව්‍යවසායකත්වයට මගක් ලෙස පවත්වාගෙන යා යුතුයි...රජයේ රැකියාවලට යන්න මාර්ගයක් නොවිය යුතුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 79 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 608 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 756 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1341 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 656 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 203 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 493 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site