IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උපකාර පන්ති ගුරා කප්පම් ගන්න විශේෂඥ වෛද්‍යවරයා උස්සලා

(එම්.සුසිල් ප්‍රියන්ත)

රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා ගැනීම සදහා බදුල්ල ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයකු මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් සිරකර ගෙන රදවා ගෙන සිටියදී මුදවාගත් බව  පොලිසිය කියයි

විශේෂඥ වෛද්‍යවරයාගෙන් කප්පම් මුදල ඉල්ලූ උපකාරක පංති ගුරවරයාද සැකපිට ප්‍රශ්න කිරීම සදහා එම අවස්ථාවේදීම  අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

කප්පම් මුදල් ලබා ගැනීම සදහා සිරකර රදවා තබාගෙන සිටි විශේෂ්ඥ වෛද්‍යවරයා බදුල්ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් බවත් ඔහු සිරකරගෙන සිටි 28 හැවිරිදි උපකාර පංති ගුරුවරයා මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචි අයෙක් බවත් පොලීසිය කියයි.

මේ සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විසින් විශේෂඥ වෛද්‍යවරයා දුරකතන මාර්ගයෙන් ඔහු නොමග යවා මීටියාගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති බවත් පසුව එසේ පැමිණි වෛද්‍යවරයා සැකකාර උපකාර පංති ගුරුවරයා මෝටර් රථයක බලහත්කාරයෙන් දමාගෙන විත් මෙසේ මීටියාගොඩ ප්‍රදේශයේ දින දෙකහමාරක් තිස්සේ සිරකරගෙන සිට ඇති බවත් තමා මේ වනවිට තිදෙනෙකු ඝාතනය කොට ඇති බැවින් ඔහුද රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා නොදෙන්නේ නම් තමා අතින් මැරුම් කන සිව් වැනියා බව පවසමින් විශේෂඥ වෛද්‍යවරයා බිය කොට ඇති බවත් ඔහු ඒ සදහා ලබාදී තිබූ කාලය අවසන්වීමට තිබුණේ තවත් පැය හතරක කාලයක් බවත් පොලීසිය කියයි.

 



අදහස් (11)

උපකාර පන්ති ගුරා කප්පම් ගන්න විශේෂඥ වෛද්‍යවරයා උස්සලා

Chandima Thursday, 08 February 2024 07:08 AM

පව්.දොස්තර මහත්තයා ලෙඩ්ඩු හතලිස් දෙනෙකුගෙන් ගෙන්න ගන්න

:       26       3

Lelwala Thursday, 08 February 2024 07:40 AM

කරන්න බැරි හොර දේවල් කරන්න ගියොත් අතට ම මාට්ටු.

:       0       16

Lal Thursday, 08 February 2024 10:48 AM

ගුරා ජෙප්පෙක් වෙන්න ඇති

:       60       39

AsinthaThursday, 08 February 2024 11:05 AM

ඔයා බයික් වෙන්න ඇති නේද ?

:       12       28

නිහාල් Friday, 09 February 2024 12:53 AM

බයියො ඔක්කොම හොරුනේ.

:       0       5

ලුම්බිණි Thursday, 08 February 2024 11:37 AM

උපකාරක පංති ගුරවරයා උගන්වන්නේ මොනවද දන්නේ නැහැ.

:       1       15

ravin Thursday, 08 February 2024 12:57 PM

හා අමතකද ඔය උපකාරක පන්ති ගුරාලා ටික දේශපාලන පක්ශයකට ප්‍රසිද්ධියෙ ආඩාර කලා? මෙ පාරත් ආධාර ඉල්ලලා අති.

:       6       14

නිහාල් Friday, 09 February 2024 12:53 AM

රට මැදින් පාරක් කපලා පෙන්නපු ගුරා ද?

:       0       2

Chandima Thursday, 08 February 2024 03:03 PM

කප්පමක්ද? නැතිනම් දොස්තර ගත්තු ගාස්තුව ආපසු ඉල්ලුවද දන්නේ කවුද?

:       0       0

ගමේ එකාලා Thursday, 08 February 2024 04:40 PM

කොරෝනා කාලේ ගඟට මුට්ටි දාපු පොහොට්ටුවේ කප්පම් කාරයගේ හිතවතෙක් වෙන්න ඇති...

:       0       0

chandima Friday, 09 February 2024 06:26 PM

කප්පමක්ද? නැතිනම් ගුරාගෙන් දොස්තර මහත්තයා ගත්තු ගාණ ආපසු ඉල්ලුවද කවුද දන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site