IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උදුලා දාබරේ දිවි රඟමඩලට සමු දෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවිය දිවි රඟමඩලට  දහවල් සමුදුන්නාය.

මිය යන විට ඇය 87 වන වියෙහි පසුවූවාය.

"කැළෑ හඳ" චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ මෙනෙවිය කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා පිටියේ" විවිධ වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව 1954- වරදකාගේ ද, රදළ පිළිරුව යන චිත්‍රපට වල විවිධ චරිතවලට පෙනී සිටිමින් අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය.

1956-සිනමාස්ගේ දොස්තර ,දුප්පතාගේ දුක 1958-දස්කම,1959-ගැහැණු ගැට,1960-නළඟන,පිරිමියෙක් නිසා,1961-සුවිනීත ලාලනී,දරුවා කාගේ ද ,1964- සුළලිත ශෝභිනී, සුභ සරණ සැප සිතේ,1965-සැකය,1966-සීගිරි කාශ්‍යප ,කපටිකම,1967-මනමාලයෝ සරණ ,1968-අක්කා නගෝ,1969- සූරයන්ගෙත් සූරයා,1970-දැන් මතක ද ආදී චිත්‍රපට වල රඟපෑමෙන් සිය දක්ෂතා පැහැදිලි කළාය.

අනතුරුව ජාතික ලොතරැයි මණ්ඩලයේ පිළිගැනීම් හා මහජන සම්බන්ධතා නිලධාරිනී ලෙස සේවය කළ ඇය වසර හතක දිගු නිහැඬියාවකින් පසු 1977-හිතුවක්කරයෝ,1978-සැලී යන චිත්‍රපට වල ද 1983- චණඩි සිරියා චිත්‍රපටයෙන් වසර 21 කට පසු 2004-රන් දිය දහර,2008-රෝස කැළේ, හා අවසන් වරට 2018 උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා චිත්‍රපටයට සිය රංගන දායකත්වය දැක්වූවාය.

 



අදහස් (2)

උදුලා දාබරේ දිවි රඟමඩලට සමු දෙයි

iks chandrasiri Wednesday, 27 December 2023 09:33 AM

නිවන් සුව ලැබේවා...!

:       0       3

Chamila Fernando Wednesday, 27 December 2023 12:50 PM

නිවන් සුබ ලැබේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 13 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site