IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උදය ශ්‍රී ගේ සංගීත ඇකඩමිය

20160321_Udaya1තරුණ පරපුර අතර වඩාත් කතා බහට ලක්වූ යොවුන් ගායකයෙකු වන උදය ශ්‍රී වික්‍රමසිංහ මෑත කාලයේ ක්ෂේත්‍රය තුළ වඩාත් කතා බහට ලක්වූ අයෙකි. ඒ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ලාංකීය සිනමාවට පිවිසීමය. සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ %ස්පන්දන^ චිත්‍රපටයේ පළමු වරට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ උදය ශ්‍රී ඉදිරියේදී චිත්‍රපට කිහිපයකින්ද සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි. මේ ඒ පිළිබඳව 'සාරවිට' අපිට පැවසුවේ මෙළෙසිනි.

“සුනෙත් මාලිංගගේ 'ස්පන්දන' චිත්‍රපටය හරහා මා සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණා. ඒ හරහා සිනමාවේ බොහෝ පිරිසක් මට හඳුනගන්න ලැබුණා.  දැනට චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඉදිරියේදී තිරගත වීමට නියමිත නලින් රාජපක්ෂගේ 'රන් දේදුන්න' හා චන්න පෙරේරාගේ 'සිහින අන්නතය' කියන චිත්‍රපට වල මම සංගීත අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරනවා. ඒ අතර මේ දිනවල ජනප්‍රිය 'මෙගා' ටෙලි නාට්‍යයක් වන හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වන 'වස්සාන ප්‍රේමයයි' කියන නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා විදිහටත් මම කටයුතු කරනවා.”

නව අවුරුද්ද උදාවත් සමග උදය ශ්‍රී සංගීත ඇකඩමියකුත් ආරම්භ කරනු ලැබීය. ඒ පිළිබඳවද උදය අපිට මෙළෙස අදහස් දැක්වීය.

"මේ ඇකඩමිය තුළින් පාඨමාලා කිහිපයක් හදාරන්න පුළුවන්. ගීත ගයන්නේ කොහොමද, කට හඬ ඒකට හදා ගන්නේ කොහොමද, සජිවි ප්‍රසංගයකදී ගීත ගායනා කරන්නේ වගේම ගීතයකට තනුවක් නිර්මාණය කරන්නේ කොහොමද, සංගීතය නිර්මාණය කරන්න කොහොමද ඒ සියලු දේවල් මේ ඇකඩමිය තුළින් සිද්ධ වෙනවා. ඇකඩමියට සංගීතය ලැදියාවක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. 0771 998117 මේ දුරකතන අංකයට කතා කරලා අවශ්‍ය විස්තර දැනගන්න පුළුවන්."

බුද්ධික සේනාධීර



අදහස් (0)

උදය ශ්‍රී ගේ සංගීත ඇකඩමිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site