රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දෙන තුරු ඔහුගේ පෞද්ගලික භාණ්ඩ තොගයක් අඩංගු කන්ටේනරය නිදහස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය මේ වනතුරුත් අමාත්‍යාංශයට භාර දී නොමැති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය පැවසුවාය.
එම ගමන් බලපත්‍රය යළි බාර දෙන ලෙස කිහිප අවස්ථාවකදීම ඔහුගෙන් ඉල්ලා සිටියද තවමත් බාර නොදුන් හෙයින් අදාළ කන්ටේනරය මුදා හැරිය නොහැකි බවද ඇය කීවාය.
අතර රුසියාවේ හිටපු වීරතුංග මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීත්‍යානුකූලව එවූ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය මාස තුනකට ආසන්න කාලයක් වාරායේ හිර කොට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව ද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදයංග වීරතුංග එවූ භාණ්ඩ මාස තුනක් රේගුවේ
යසිරු Tuesday, 07 July 2015 02:37 AM
ඉවසීමෙන් බලාසිටීම තමයි හොඳම දේ (නි)
දුමින්ද Tuesday, 07 July 2015 03:29 AM
බයවෙන්න එපා සර්. තව ටිකක් ඉවසන්න (නි)
නිෂාඩ් ප්‍රීනා Tuesday, 07 July 2015 03:56 AM
ඇයි ඔබ ඔබේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය බාර නොදෙන්නේ? (නි)
නන්දලාල්-ප්‍රංශය Monday, 06 July 2015 04:43 PM
[....ඒ සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළකරන බවද ඔහු කියයි ] එයා විතරද අප්‍රසාදය පළකරන්නේ? (නි)
සුනිල් Tuesday, 07 July 2015 05:17 AM
ඔන්න ඕක ඔහේ දීලා දාලා දහඩිය මහන්සියෙන්, බැරි අමාරුකමින් හරිහම්බ කරගත් බඩු ටික ගෙදර ගෙනියන්න. (නි)
විපුල Tuesday, 07 July 2015 05:26 AM
ඇයි මෙච්චර දේවල් තිබිලත් මෙයා අත්අඩංගුවට ගන්න බැරි ? ලකාවේ නිතිය හරියට මදුරු දැලක් වගේ , ලොකු අය ලස්සනට රිංගලා ඇතුලට යනවා, පොඩි එකාට රිංගන්න බෑ. (ර)
වින්සන්ට් Monday, 06 July 2015 05:14 PM
නීතියට ගරු නොකරන පුද්ගලයින්ට ජනතාවගේ අප්‍රසාදය පළකරමු. (නි)
ඉන්දික Tuesday, 07 July 2015 05:46 AM
වැඩ පිළිවෙල නම් නීත්‍යනුකුල නොවෙන බව පැහැදිලියි. රජයේ නිලධාරීන් මිට වඩා විනිවිද භාවයකින් වැඩ කළ යුතුයි. (ම)
සුමති Monday, 06 July 2015 09:00 PM
මමත් කැමතියි මේ ගෙන ඇති තීරණයට (නි)
චාමර Monday, 06 July 2015 11:27 PM
එහෙම තමයි වෙන්න ඕනෑ. නීතිය කාටත් පොදුයි (නි)
නිමලරාජ් Tuesday, 07 July 2015 01:35 AM
දැන් රටේ ලස්සන වැඩ වෙන්නේ. හොරු අල්ලනකොට කියනවා "පළිගන්නවෝ" කියලා. (නි)