(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කලකට පසුව ඔක්තෝම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 69.8 ක් ලෙස සටහන් වූ අතර එය ඔක්තෝම්බර් මස සියයට 66 ක් දක්වා පහත වැටී තිබේ.
එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මසට සාපේක්ෂව ආහාර උද්ධමනයද ඔක්තෝම්බර් මස සියයට 9.3 කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ඉකුත් සැප්තැම්බර් මස සියයට 94.9 ක් වූ ආහාර උද්ධමනය ඔක්තෝම්බර් මස සියයට 85.6 ක් දක්වා පහත වැටී ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝම්බර් මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 56.3 ක් ලෙස සටහන් වන අතර සැප්තැම්බර් මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 57.6 ලෙස සටහන් විය. එයද සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ යාමකි.
ඔක්තෝබර් මස සියයට 66 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 28.1 ක දායකත්වයක් ලබා දී ඇති ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 37.9 ක දායකත්වයක් ලබා දී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උද්ධමනයේ තරමක අඩුවක්