පසුගිය කාලවල මෙන් මෙවර ජනතාව රැවටීමට ලක් කළ නොහැකි බව කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරන් මහතා නොර්වුඩ් ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් කීවේය.
ආණ්ඩුවේ දින සියයයේ වැඩසටහන යටතේ වතුකරයේ ජනතාවට නිවාස ලබාදීම, පර්චස් 7 ක් ඉඩම් කැබලි ලබාදීම, වතුකර දරුවන්ගේ අධයාපනය නඟා සිටුවීම යන වැඩපිලිවෙල හරහා තමන් ජනතාවගේ විශ්වාසය දිනා සිටින බව ඔහු පැවසුවේය.
එළඹෙන මහ මැතිවරණය ජනමත විචාරණයක් බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක එම්.ඒ.සුමන්තිරන් මහතා දෙමළ ජනතාව ෆෙඩරල් ක්‍රමය අනුමත කරනවාද නැද්ද පිළිබඳව රජය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවත් ඉතා විමසිල්ලෙන් බලා සිටින බව කරවේට්ටි කිලව්තෝට්ටම් පිල්ලෙයාර් කෝවිල පරිශ්‍රයේ දී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් කීවේය.
2009 වසරේ දී සියල්ල අහිමි වු අනාථයන් ලෙස ජිවිත,දේපල අහිමි වී සිටි දෙමළ ජනතාව වසර 06 ක් තුළදි මෙරට ඉරණම වෙනස් කළ හැකි නායකත්වයක් ලබාදී ඇති බවද දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් බවද ඔහු පැවසුවේය.
උතුරු නැගෙනහිර අවතැන් කදවුරු වල ජිවත්වන යාපනය දිස්ත්‍රික් ජනතාවට මෙවර මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරිමට යාමට හා ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන බව යාපන දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා අද (13) යාපනයේ දී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු හසුන