වව්නියාවේ දහතුන් හැවරිදි පාසල් සිසුවියක අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු අත් අඩංගුවට ගන්නැයි බල කරමින් අද (24) උතුරේ කඩසාප්පු වසා හර්තාල් ඇරැඹීය.
යාපනය කිලිනොච්චිය වව්නියාව මුලතිව් මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි බොහෝ ප්‍රදේශවල මෙම හර්තාලය හර්තාල් ක්‍රියාත්මක වේ.
ලංකා දමිළ ගුරු සංගමය, ලංකා ගුරු සංගමය, යාපනය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය, උතුරු පළාත් වෙළද හා වාණිජ සංගමය, පුරවැසි පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති රැසක් ඊට සහයෝගය පළ කරයි.
උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද බස් ධාවනයෙන් ඉවත් වී තිබේ.
ජායාරූප - සිතුම් චතුරංග
ජායාරූප - රොමේෂ් මධුෂංක
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ හර්තාල් : බස් ගමනාගමනයත් නවතී
දාබරේ Wednesday, 24 February 2016 07:36 AM
පාසල් සිසුන් අපයෝජනය කරන්නන්ට තදබල දඩුවම් දියයුතුයි.දෙමාපියන්ගේ ප්‍රධාන යුතුකමක් තම දරුවන් රැකබලාගැනීම දරුවන් රැකබලාගැනීම රජයකට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. (ම)
අමා Wednesday, 24 February 2016 05:14 AM
දකුණේ පුංචි දරුවෝ කී දෙනෙක් ඔය විදියට දුෂණය කරලා අමානුෂික විදියට මැරුවද. කවුද උද්ඝෝෂණ කලේ. දැන් තේරෙනවා නේද ලංකා ගුරු සංගමය, පුරවැසි පෙරමුණ ආදී සිවිල් සංවිධාන ඉන්නේ කොතනද කියල. (ම)
හිරු Wednesday, 24 February 2016 06:30 AM
මෙන්න බලන්න සැබෑ වෙනස (ම)
කමනි Wednesday, 24 February 2016 06:38 AM
අමා විකාර කතා කියන්න එපා. දරුවෝ දූෂණය කරලා මරන අමානුෂිකත්වයට උතුර දකුණ කියලා වෙනසක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ උතුරේ වුණත් දකුණේ වුණත් විරෝධතාව නිකං පුස් වෙඩිල්ලක් වගේ. අපරාධ නවතින්නෙත් නැහැ, වගකිවයුත්තන් ගන්න පියවරකුත් නැහැ. (ම)
ඉන්දු Wednesday, 24 February 2016 06:50 AM
මේ වගේ ප්‍රශ්න වලදී උතුර දකුණ නෙවෙයි මොන විදෙහෙන් හරි වැරදි කරුවන්ට දඬුවම් කිරීමයි අවශ්‍ය..(ම)
ඉන්දු Wednesday, 24 February 2016 06:53 AM
කාන්තාවකට , ගැහැණු දරුවෙකුට , මොන තරම් ආරක්ෂාවක් ගෞරවයක් තිබුණු රටක්ද මේක... අපි අද කොහෙද ඉන්නේ.. ඉන්දියාවේ කාන්තාවට තියෙන තත්වය අපටත් අද උදා වෙලා.(ම)
මහින්ද සෞදි Wednesday, 24 February 2016 07:06 AM
මෙවෙනි අපරාද වලට ජාතිය ,ආගම,පක්ෂය,ලොකු පොඩි බේද කිසිවක් නොතකා නීතිය ක්‍රියාත්මක කරන්න. (ම)