රටේ ගොඩක්ම කතාබහට ලක්වෙන උතුරු පළාත් සභාවේ පසුගිය සතියෙත් කලබල ඇතිවුනාලු.
කලබලයට හේතුව මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ඉදිරිපත් කළ යෝජනාවලියක්ලු.වංචා,දූෂණ චෝදනා වලට ලක්වෙලා ඉන්න පළාත් සභා ඇමැතිවරයකුව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණ වලට යොමු කළ යුතුය කියා පහුගිය සභා වාරයක පළාත් සභාවේ සාමාජිකයන් සියලුදෙනාම වගේ එකතුවෙලා සම්මත කරගත්තු යෝජනාවක් ඉවත් කරන්නය කියා මහ ඇමැතිවරයාගේ යෝජනාවෙන් කියනවාලු.
ඒ මන්ත්‍රීවරයා තමාට කරුණු දක්වා තිබෙන බවත් ඒ නිසා මේ ගැටලුවට මහ ඇමතිවරයා ලෙස මැදිහත් වීමට අයිතිය තිබෙන බවත් විග්නේෂ්වරන් නිදහසට කරුණු විදියට කියා සිටියාලු.
නමුත් සභාවේ අනෙක් සාමාජිකයින් කොහෙත්ම වැඩේට කැමති නැතිලු.රුපියල් ලක්ෂ 4000 කට ආසන්න මුදලක් වංචා කරපු සිදුවීමකට හවුල් යැයි ඒ ඇමැතිවරයාට චෝදනා නැගී තිබෙනවාලු.
‘‘උතුරු පළාත් සභාවත් ඉන්දියා මෙගා නාට්‍යයක් වගේ.හැමදාම වැඩ ඉවර වෙන්නේ ප්‍රශ්නයක් එක්ක‘‘ විවාදය දිගට ඇදීගෙන යද්දී එක පළාත් සභා මන්ත්‍රීවරයෙක් කීවාලු.
කිව්වා වගේම එදා විවාදය ඉවරවුනෙත් වැඩේ අනෙක් දවසටත් කල් තබාගෙනලු.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු සබෙත් හතළිස් කෝටියක ගඳ වැඩක්?
හේවා Saturday, 05 March 2016 10:26 PM
එන පොට හරි නැත (නි)
දීපාල් නිරෝෂ් Sunday, 28 February 2016 03:56 PM
බලය කොතනද එතන දූෂණය ඇත කියලා සිංහල ජනවහරේ කියමනක් තියනවනේ. (නි)
නන්දලාල් - ප්‍රංශය Sunday, 28 February 2016 10:32 AM
බලාගෙන යනකොට මේ ගැටලුවට ලොකු ලොකු අයත් සම්බන්ධද කියලත් හිතන්න අපට සාධාරණ සැකයක් ඇති වෙනවා (නි)