ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා උතුරු පළාත් සභාව විසින් සම්මත කැර ගත් යෝජනාවට විරෝධය පළ කිරීමේ යෝජනාවක් බස්නාහිර පළාත් සභාවේදී අද (18) ඒකමතිකව සම්මත විය.
උතුරු,නැගෙනහිර දෙමළ ජාතිකයින් සමුල ඝාතනය වු බවටත් උතුරට වෙනම ස්වයං පාලනයක් අවශ්‍ය බවටත් සඳහන් කරමින් උතුරු පළාත් සභාව පසුගියදා සම්මත කරගත් යෝජනාවට විරෝධය පළ කිරීමේ යෝජනාව බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි මහතා විසින් ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා එය ස්ථිර කළේය.
පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ඇතිව මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු යෝජනාව කපන්න දකුණෙනුත් යෝජනාවක්
දිල්රුවන් Wednesday, 18 February 2015 07:18 PM
ඔබලා ඔක්කෝම එකතු වුණා නම් ලොකු දෙයක් (අ)
මහේන්ද්‍ර Thursday, 19 February 2015 08:01 AM
ඕක තමයි ඡන්දෙට ඉස්සෙල්ල අපි කිවේ. (හේ)
සුමුදු Thursday, 19 February 2015 08:04 AM
ඔය යෝජනාව සම්මත වුණා කියලා මොකද වෙන්නේ.(හේ)
දුමින්ද Thursday, 19 February 2015 09:05 AM
සුමුදු ඒකනේ මාස 6ක් කල් දැම්මේ (බ)
සොපියා Thursday, 19 February 2015 01:32 AM
රට බෙදන ඕනෑම යෝජනාවකට පොදු ජනතාව විරුද්දයි ...(අ)
සමීර Thursday, 19 February 2015 03:33 AM
මේ වගේ වෙලාවකදී සිංහලයෝ එකතුවුණ එකම ලොකු දෙයක් (නි)
රජීව Thursday, 19 February 2015 03:41 AM
පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක්විය යුතු වෙලාවක්! (නි)
නිපුන Thursday, 19 February 2015 05:01 AM
යුධ අපරාධ වෙලා නෑමයි කියන්න පුලුවන්ද ? මේවා ගැන දේශීය පරීක්ෂණයක් තියලා හමුදාවේ වගකිව යුත්තන්ට දඩුවම් දිය යුතුයි. (නදී)
පෙරේරා Thursday, 19 February 2015 05:30 AM
යුද්දේ ඉවර වුණාට ප්‍රශ්නේ තවම තියෙනවා වගේ.(දිල්)
සංගීත් Thursday, 19 February 2015 06:33 AM
සමීර, පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ඇතිව මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත වෙලා තියෙන්නේ.. ඒ කියන්නේ බස්නාහිර පළාත් සභාවේ ඉන්න සියලුම සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි අය එකතුවෙලා මෙම යෝජනාව සම්මත කරගෙන තියෙන්නේ... මේක තමයි සංහිඳියාව...(හේ)