IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උතුරු මහ ඇමැති සතුට උතුරයි

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා‍වේ යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කව්න්සලය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්ථාව ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවට උතුරු මහාමාත්‍ය සී වී විග්නේශ්වරන් මහතා මාධ්‍ය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කියයි.

ප්‍රධාන අමාත්‍ය වරයා සඳහන් කොට ඇත්තේ ශ්‍රී   ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ  ගැන  ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා එයින් ඉදිරිපත් කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ස්තූතියද පළ කරන බවටයි.

එමෙන්ම දිගු කාලයක් තිස්සේ තමන් ඇතුළු යුද්දයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාව විසින් ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාව පෙන්වා දුන් අතරම මේ ජාත්‍යන්තර විමර්ශන ප්‍රකාශය මගින් දෙමළ ජනතාවට සාධාරණය ඉටුවනු ඇතැයි ද ඔහු කියයි.

 



අදහස් (0)

උතුරු මහ ඇමැති සතුට උතුරයි

චන්දි Thursday, 17 September 2015 01:23 PM

අනේ! තවත් චන්දී කෙනෙක් ඉන්නවනේ. උඩින් අදහස් ලියලා තියෙන්නේ (නි)

:       0       0

සමන්ත Thursday, 17 September 2015 08:31 AM

මෙයා කොහේද යුද්ධ කාලේ උතුරු නැගෙනහිර හිටියේ? මෙයා හිටියේ කොළඹ (බ)

:       0       0

ධම්ම Thursday, 17 September 2015 08:32 AM

විමර්ශන වාර්තාවට උතුරු මහ ඇමැතිත් සතුටුයි නම් ශ්‍රී ලංකා රජයත් සතුටුයි නම් තව මොනවද ඉතින්. ඒත් අපට නම් හරි අසරණ කමක් දැනෙනවා. (බ)

:       0       0

භක්ති Thursday, 17 September 2015 08:36 AM

මට දැනගන්න ඕනේ ඔය මහතත්තය ඔය ස්ථාවරයේම ඉන්නවද කියල කොටි සංවිධානය සම්බන්ධයෙනුත් මේ ගැන.කව්ද යුද අපරාද කළේ ,කව්ද පටන් ගත්තේ .කව්ද අහිංසක දෙමල මිනිස්සු මැරුවේ? .හමුදාවද? එතකොට අහිංසක දෙමල මිනිස්සු බේරාගත්තේ කොටිද හමුදාවද ?නිකන් බොරුවට කහින් නැතුව ඉන්නවා .තමුනුත් කොටින්ටගේ පැත්තෙනේ. (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 17 September 2015 08:45 AM

විනිසුරුවරයෙක් විදියට කොළඹට වෙලා සැප විදපු එතුමා කොහොමද යුද්දෙන් බැට කෑවේ. (බ)

:       0       0

මියුරු Thursday, 17 September 2015 08:54 AM

ඔන්න යහ පාලනය පටන් අරගෙන .. මහින්දගේ අගේ තේරෙයි තව ඉස්සරහට (ම)

:       0       0

උපාලි Thursday, 17 September 2015 09:01 AM

යහ පාලනය.සත්‍ය පාලනය . ජාතික පාලනය.ජාති මාමක පාලනය.සම්මුතිවාදී පාලනය.අවසානයේදී බටහිර රටවල පාලනය.අපිත් අායිත් සැරයක් සුද්දාගෙන් අහලම වැඩ කරන්න වේවි වගේ. (අ)

:       0       0

බටන්ගල Thursday, 17 September 2015 09:06 AM

අර වසන්ත කිව්වා වගේ කොළඹ සැප විඳපු මෙයා කොහොමද දන්නේ යුද්දෙන් බැටකාපු අය ගැන. ටී.එන්.ඒ එකෙනුත් පච වෙලා නේද දැන් ඉන්නේ. බලමු මෙයා කොච්චර කාලයක් කරයිද කියල. (අ)

:       0       0

සුමුදු Thursday, 17 September 2015 09:11 AM

කෙලිය නේද තාප්පෙට. (හේ)

:       0       0

සංජීව Thursday, 17 September 2015 09:14 AM

මෙයාගේ කතා වැඩිය ගණන් ගන්න එපා.. (හේ)

:       0       0

ප්‍රභාත් Thursday, 17 September 2015 09:15 AM

වාර්තාව සාධාරණ කරන්න දෙපැත්තෙන්ම වැරදි ඇති බව කියනවා.(හේ)

:       0       0

චන්දි Thursday, 17 September 2015 09:46 AM

කාටද දඬුවම් දෙන්න ඕනේ...? මේ ආණ්ඩුකාරයට ඒ ටිකත් කියන්න තිබුනනේ? කොටියෝ කරපු වැරදි ආමි අය කරපු විදිහට පෙන්නලා අලුත් වාර්තාවක් එලියට දාල නේද? (බ)

:       0       0

සුන්දරලිංගම් Thursday, 17 September 2015 09:56 AM

මේකෙන් වෙන්නේ පුනුරුත්තාපනය වෙච්ච කොටි සාමාජිකයින් සහ දැනට ඉතිරිවෙලා ඉන්න විශාල කොටි නායකයින් සංක්‍යාවක් දන්ගෙඩියට යන එක. මේකට දෙමළ ජනතාව විරුද්ධය විය යුතුයි.(හේ)

:       0       0

සුනෙත් Thursday, 17 September 2015 09:55 AM

මේක තමයි අපි පැතූ වෙනස (හේ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 17 September 2015 10:04 AM

සිංහලයාට විරුද්ධව කතා කිරීම නිසා මොහුව අත්අඩංගුවට ගෙන නඩු පවරන්න (බ)

:       0       0

සනත් ඒකනායක Thursday, 17 September 2015 10:12 AM

අරන්තලාවෙන් පටන් ගන්න (බ)

:       0       0

දීපාල් Thursday, 17 September 2015 10:16 AM

මේ මහත්තුරුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. කිසිම පරීක්ෂනයක්වත් කටඋත්තර ගැනිල්ලක් වත් නැහැ. අර කොහොමහරි හැමෝම දිනන බැහැ කියපු යුද්දේ ඉවරකරලා රටට යන්තම් සාමය ගෙන්න වැඩ කරපු අයව නිතර නිතර කටඋත්තර ගන්න කියා කියා රස්තියාදු කරනවා. මෛත්‍රිගෙයි රනිල්ගෙයි යහපාලනයේ හැටි. එලිවෙනජාමෙට තව තව සෙල්ලම් බලන්න පුළුවන්. (බ)

:       0       0

ඉඳුනිල් Thursday, 17 September 2015 07:35 PM

අපි බලමුකෝ අන්තිමේදී මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

දුමින්ද Thursday, 17 September 2015 10:52 AM

රට මේවගේ තත්වයකට පසුගිය වසර 10ක් තුල තල්ලු කරගෙන යන එක බලාගෙන එකට උල්පන්දම් දීපු විග්නේශ්වරන්ගේ මස්සින වන "වාසුදේව" ලොක්කට කොහොමද දන්නේ නැහැ නේද? (අ)

:       0       0

වසන්ජය Thursday, 17 September 2015 09:15 PM

ජිනීවා සමුළුවේදී කියවුණා නේද ශ්‍රී ලංකාවේ හමුදාව අතින් මෙන්ම එල්ටීටිය අතින්ද ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවුණා කියලා. එහෙම නම් එල්ටීටිය සිදුකළ සිංහල මිනිස් ඝාතන ගැනත් සාධාරණව කතා කරන්න අවශ්‍යයි නේද? (නි)

:       0       0

නිෂා රිෂ්වින් Thursday, 17 September 2015 07:34 AM

යහපාලන තෑග්ග (අ)

:       0       0

පුදු Thursday, 17 September 2015 07:37 AM

අනේ මන්ද මොනවත් නොකියන එක හොඳයි (අ)

:       0       0

ඉන්දික Thursday, 17 September 2015 07:42 AM

මෙයාට සතුටුයි කියන්නේ සිංහලයන්ට හොඳ නැහැ කියන එකයි. යහපාලනයට සලකනවා කියල නේද කිව්වේ? (අ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 17 September 2015 11:20 AM

යුද්දේ තියනකොට ඔය කව්රුත් කට ඇරියේ නැහැ.දැන් එනවා යුද අපරාද, මානව හිමිකම් ගැන කතා කරන්න,උතුරු නැගෙනහිර අය විතරද බැට කෑවේ. (ම)

:       0       0

දුමින්ද Thursday, 17 September 2015 08:03 AM

සන්හින්දියව නැති සන්හින්දියව (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 September 2015 12:49 PM

කවුරුවත් කලබල වෙන්න එපා.ආරක්ෂක හමුදා නිසා තමයි අද හැමෝම සතුටින් ගතකරන්නේ. විශේෂයෙන් දෙමළ ජනතාව., අපේ හමුදාවෙන් එක වරදක් වුණා නම් කොටින් සහ කොටින්ට කඩේයන කට්ටිය සියපාරක් වැරදි කරලා තියෙනවා. ඒ නිසා බය නැතුව අපි මේකට මුහුණ දියයුතුයි. අපේ රටට මේක වෙස්වළාගත් ආශිර්වාදයක් සේ සිතමු. අපේ රටේ ඉරාකයේ වගේ හිතුමතේට මිනිස්සු මැරුවේ නැහැනේ (නි)

:       0       0

දුමින්ද Thursday, 17 September 2015 08:16 AM

නරක සතුටක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site