IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


උතුරු මැද හිටපු මහ ඇමතිට ඇප

 

(මනෝප්‍රිය ගුණසේකර)

සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදී උතුරු මැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 53 කට අධික ඉන්ධන ලබාගත් බවට චෝදනා ලැබු උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඔ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට ඊයේ (03) නියම කළේය.

අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි තම සේවාදායකයා්ට ඇප නියම කරන්නැයි නීතීඥ දර්ශන කරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩු විභාගය අවසන්  වනතුරු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කළේය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාය.

2012 සැප්තැම්බර් මස 27 වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ අනුරාධපුරයේදී උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන දුණෂය නමැති වරද කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පවරා ඇත.

රජයේ චක්‍රලේඛණය අනුව උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා වශයෙන් තමාට හිමිව තිබු මෝටර් රථ වලට අමතරව තවත් වාහන වලට රුපියල් 53 79 623/-ක ඉන්ධන මුදාහැරීමට පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා නඟා ඇත.



අදහස් (1)

උතුරු මැද හිටපු මහ ඇමතිට ඇප

sam gamage Tuesday, 04 April 2023 04:54 AM

යකුනේ ඇමරිකාව දිහා බලපල්ලා .හිටපු ජනාධිපතියාවත් නීතියට වඩා ඉහලින් නැති බව සනාත කර හමාරයි .අද නිව්යෝක් නගරයේදී ඒ මන්ද බුද්ධිකයා සිරභාරයට ගැනීමට නියමිතයි .යකෝ ඉර හඳ නුහුලන අපරාධ කල අපේ පාහරයින් තවමත් නිදැල්ලේ රජ කරයි .ඇස්‌ ඇරීමට කාලය පැමිණ ඇත .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 719 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site