IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරු මැද දහයක් වංචා කොමිසමට

උතුරු මැද පළාතේ වකුගඩු රෝගින් සදහා පිරිසිදු පානිය ජලය ලබාදිමට රුපියල් දහතුන් කෝටි හතලිස් එක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා මිලදි ගනු ලැබු බහුකාර්ය ජල පෙරණ දොලොස් දහස් පන්සියක් මිලදි ගැනිමේදි සිදුවී යැයි කියන අක‍්‍රමිකතාවය ගැන පරික්ෂණ ආරම්භ කොට ඇති බව බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසිය.

ලැසිල් ද සිල්වා මහතා මේ බව කියා සිටියේ දුරකථයෙන් ඔහුගෙන් කළ විමසිමේදිය.

මෙම ජල පෙරණ මිලදි ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ උසස් නිලධාරින් දහයකට අධික පිරිසකගෙන් සාක්කි ලබා ගැනිමට බලාපොරොත්තු වන බව ප‍්‍රකාශ කළ ලැසිල් ද සිල්වා මහතා පරික්ෂණ කටයුතු ජනවාරි මස හතර වැනි දින ආරම්භ කරන බවත් කීවේය.

උතුරු මැද පළාත් සභාව එක් ජල පෙරණයක් මිලදි ගෙන ඇත්තේ රුපියල් දසදහස් හත්සිය පනස් දෙක බැගිනි. පළමු වතාවට ජල පෙරණ හත්දහස් පන්සියක් මිලදි ගෙන තිබුණි. මෙසේ මිලදි ගනු ලැබු ජල පෙරණ වකුගඩු රෝගින් අතර බෙදා දී මාස හයක් ගතවන්නටත් පෙර අධික ලෙස මළ බැදිමේ හේතුවෙන් වකුගඩු රෝගිහු ඒවා භාවිතයෙන් ඉවත් කළහ.

පෙරාගත් ජලයේ ප්ලෝරයිඩ් සහ රසායනික මුලද්‍රව්‍යවල අවම ප‍්‍රතිශතය පවා අඩංගු නොවන බව විගණන නිලධාරින් විසින් සිදුකළ නියැදි පරික්ෂණයේදි අනාවරණය වි තිබිණි.

මෙම ජල පෙරණ මිලදි ගැනිමේදිද ප‍්‍රසම්පාදන ක‍්‍රියවලියට පටහැනිව සිදුකර තිබු බවත් විගණකාධිපතිවරයා පැමිණිල කොට තිබුණි. එසේම මෙම ජල පෙරණ පරික්ෂා කිරිමට ජල සම්පාදන මණ්ඩලයෙන් සිදුකර ගැනිමට හැකියාව තිබුණත් ඒ සඳහා රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් ගෙවා පෞද්ගලිකව පිරික්සාගෙන ඇතැයි කියති.

උතුරු මැද පළාත් සභාව මගින් නියමිත ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියෙන් බැහැරව ප‍්‍රමිතියෙන් තොර ජල පෙරණ මිලදි ගැනිම සම්බන්ධයෙන් මුල්වරට හෙළි කරන ලද්දේ 2012 ජනවාරි මස 02 වැනිදාය.

 

 

 



අදහස් (0)

උතුරු මැද දහයක් වංචා කොමිසමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site