උතුරේ සියලු පාසල් අද (27) වසා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. උතුරේ අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාසා මහතාගේ නියෝගයකට අනුව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආර්.රවීන්ද්‍රන් මහතා විසින් සියළු අධ්‍යාපන කාර්යාලවලට මේ බව දැනුම් දී ඇත.
යාපනයේ කොකුවිල් පාසල් සිසුවා දිවි නසා ගැනීමේ සිද්ධියට පාසල් දරුවන් අතර කලහකාරි තත්ත්වයක් ඇතිවේයැයි සැකයක් හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීමට කටයුතු කළ බව මාධ්‍ය නිවේදනයක දැක්වේ. එම නිවේදනය නිකුත් කර ඇත්තේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසිනි.
මෙම තිරණය පිළිබඳ නොදන්නා පාසල් දරුවන් හා ගුරුවරු විශාල පිරිසක් පාසල් පැමිණ ඇති බවත් ඔවුන් ආරක්ෂාකාරීව නිවෙස් වෙත යැවීම දැඩි වගකීමක් බවත් විදුහල්පතිවරු කියති.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ පාසල් වසා දමයි
ෂෙල්ටන් Friday, 27 November 2015 08:59 AM
සියල්ල සිදුවී හමාරය. (ම)
ෂාන් Friday, 27 November 2015 09:21 AM
ඔය සියල්ලටම වග කිය යුත්තේ හිටපු රජය තනිකර බොරුවක් කළේ (බ)
නුවන් Friday, 27 November 2015 10:31 AM
මෝඩ කොල්ලෙක් කෝච්චියට පැන්නා කියලා පාසල් වහන්න තරම් පාලකයෝ ඉන්න රටක්ද මේක.(හේ)
විජේසුන්දර Friday, 27 November 2015 05:25 AM
අනේ මන්දා මොනවා සිද්ධවෙනවද කියලා (නි)
ගමගේ Friday, 27 November 2015 05:42 AM
සිරගත කර ඇති සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන්න.(ම)
සෙනෙවි Saturday, 28 November 2015 07:10 AM
බොරු වැඩක් කරලා තියෙන්නේ්.(හේ)
රත්න Friday, 27 November 2015 06:00 AM
ගමගේ මහත්මයාට නම් සියල්ල අමතකයි වගේ මේ වසර කිහිපයට (නි)
ශානිකා Friday, 27 November 2015 06:05 AM
මටත් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)
සම්පත් පතිරණ Friday, 27 November 2015 06:02 AM
මෙයාව තල්ලු කරලා ලියුම එතෙන්ට දැම්ම වෙන්න පුළුවන්. අපි නොදන්නා කොටි. (බ)
නිමල් Friday, 27 November 2015 01:38 PM
මෙම නිලධාරීන් සහා අනුවණ උතුරේ දේශපාලුවන් ගැන රජය මිට වඩා යමක් කලයුතු බව පෙනී යනවා. අහිංසක මිනිසුන් නොමග යවන පිරිස් සදහා උපරිම දඩුවම් පැමිණිවිම රජයේ වගකිමයී. (රේ)
චන්න Friday, 27 November 2015 06:24 AM
කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියනවනේ (නි)
කාංචන Friday, 27 November 2015 06:45 AM
ගමගේ මහත්තයා මොනවගේ කෙනෙක්ද මන්දා? (නි)
සුලෝචන Friday, 27 November 2015 07:47 AM
ගමගේ කියන අදහසට මමත් එකඟයි (නි)
උෂාණි Friday, 27 November 2015 08:01 AM
මේ ප්‍රශ්න ඉක්මණින් විසඳෙනවා නම් හොඳයි (නි)
අජිත් කලුආරච්චි - අ/පුර Friday, 27 November 2015 08:11 AM
ඊළම නැමති අන්ධ රාජ්‍යයට උතුරේ ජනතාව ඇද දැමීම සදහා අහිංසක පාසල් සිසුවා කෝච්චියට බිලිදුන්නා වත්ද? වියරු මිනිසුනේ සිරිලක උදාකල සාමය යලිත් විනාශ නොකරනු මැනවි (ම)
අභය Friday, 27 November 2015 08:20 AM
කලබලනොවී ඉවසීමෙන් කටයුතු කිරීමයි නුවණට හුරු (නි)
නුවන් Friday, 27 November 2015 08:45 AM
මේ මිනිස්සු කවදාවත් පාඩමක් ඉගෙන ගන්න අය නෙවේ! (ම)