IMG-LOGO

උතුරු නීතීඥයාගේ ඉල්ලීම ඉවතට

යාපනය මල්ලාකමි මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමා අත්අඩංගුවට ගන්නැයි නිකුත් කර ඇති වරෙන්තුව බලරහත කරන්නැයි ඉල්ලමින් යාපනයේ නීතීඥයෙකු විසින් යාපනය මහාධිකරණය වෙත ඉදිරිපත් කල පෙත්සම මහාධිකරණ විනිසුරු එමි.ඉලංචේලියන්  ප්‍රතික්ෂේප කළේය.

යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට දුරකතන ඇමතුමක් මගින්   තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙටන් එම රෙජිස්ටාර්වරයා   උතුරේ නීතීඥයෙකුට එරෙහිව කරන ලද පැමිණිල්ලක් මත මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිද්ධියට සමිබන්ධ බව කියන නීතීඥයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් පසුගිය සිකුරාදා   වරෙන්තුවක් නිකුත් කළේය.

මෙම වරෙන්තුව අහෝසි කරන්නැයි අදාල නීතීඥයා  යාපනය මහාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම මහාධිකරණ විනිසුරු ඉලංචේලියන්  මහතා ඉදිරියේදී සඳුදා (05)  විභාගයට ගැනුණු අතර එහිදී මෙම පෙත්සමේ ඉල්ලීම ඉටුකළ නොහැතකි බව හා මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අවනත විය යුතු බව කියමින් මෙම පෙත්සම ප්‍රතිෙක‍ෂ්ප කළේය.



අදහස් (0)

උතුරු නීතීඥයාගේ ඉල්ලීම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site