IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරු - නැගෙනහිර පැරණි උරුමයන් වනසයි

 

(යොහාන් භාසුර)

‘වික්‍රමසිංහ - රාජපක්ෂ ආණ්ඩුව‘ ලාංකේය ජාතිය සතු උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් 74 ක් සංහාරයට ඉඩදී නිහඬව බලා සිටින බවත් එම පුරාවිද්‍යා උරුමයන් සංහාරය දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී පක්ෂවල අනුග්‍රහයෙන්, උතුරේ බෙදුම්වාදී දේශපාලන පක්ෂවල දායකත්වය ඇතිව කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද (4) පැවසීය.

එය බරපතළ ජාතිවාදී මරාගැනිල්ලකට පාර කැපීමක් බව කී සමරවීර මහතා කොළඹ සංසිද්ධීන් දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටින මේ මොහොතේ ලාංකේය ජාතියට අයත් උතුරු නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා උරුමයන් බොහෝ වේගයෙන් සංහාරය වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

මෙම පුරාවිද්‍යා උරුමයන් සංහාරයට සාමාන්‍ය දෙමළ ජනතාව තදබල ලෙස විරුද්ධ වුවද ඔවුන්ගේ හඬ යටපත් කර ඇති බව කී ඒ මහතා දකුණු ඉන්දියානු හින්දු මූලධර්මවාදී දේශපාලන පක්ෂ නායකයන් දෙදෙනෙක් පසුගියදා උතුරු පළාතට පැමිණි බව ද සඳහන් කළේය.

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නැදුන්කර්නි පොලිස් බල ප්‍රදේශයේ, නයිනමඩු රක්ෂිතයේ, 222 ඕළුමඩු ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙන වඩුන්නාගල හෙවත් වෙඩිකිනාරිමලේ පුරාවිද්‍යා ස්මාරකය පසුගියදා සංහාරයට ලක්වූ බවත් එය අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් මෙන්ම එහි ලෙන් විහාර අටක් ඇතුළත් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්තර සමරවීර මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

 



අදහස් (5)

උතුරු - නැගෙනහිර පැරණි උරුමයන් වනසයි

swene Thursday, 04 May 2023 10:13 PM

ඔයාගේ ලොක්කා වගේ ජාති වාදයත් කුමන්ත්‍රණ ගැනත් කතාකරලා ගොඩ වැඩිකර ගන්න බලන්න. තවමත් ඕවාට රැවටෙන අය නොඉන්නවා නොවේ...!

:       0       1

Nimal jayasiri Friday, 05 May 2023 06:31 AM

All anti-Buddhist forces are trying to wipe out Buddhism n our culture.

:       0       0

චන්දන Friday, 05 May 2023 10:09 AM

ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න බලගතු වැඩ පිලිවෙලක් ක්‍රියාත්මකයි. පසුගියදා ඇමරිකාව කිව්ව ලංකාවෙ ආගමික නිදහස නැහැ කියල. මේව එකම ක්‍රියාදාමයක කොටස්. ආණ්ඩුව ඇමරිකාවේ යටත් විජිතයක් වෙලා ඉවරයි. සියල්ල කරන්නෙ ඇමරිකා තානාපතිනිය. මේවාට එරෙහිව ප්‍රබල හඩක් මතුවිය යුතුයි. මහනායක හිමිවරුනුත් නිදි. ඉතාම ඛේදජනකයි.

:       1       0

Lalla Saturday, 06 May 2023 10:56 AM

ආයිමත් ආගමික උන්මාදය පටන්ගත්ත. ගිනිතියපං බං.උඹලගේ දේශපාලනය එපමණයි.. අර චීනය අතීතයේ කලා වගේ සියලු ආගමික කටයුතුවල තහනමක් කල යුතුයි...

:       0       1

Bamunuarachchi Saturday, 06 May 2023 12:19 PM

මෙතන රාජපක්ෂලාට කරන්න පුළුවන් දෙයක් නැහැ. රාජපක්ෂලා බලයේ ඉන්නකාලේ හම්බයෝ දෙමල්ලු මීක් කිව්වේ නැහැ. හම්බයින්ගෙන් කුරගල බේරා දුන්නේ රාජපක්ෂලා. ප්‍රභාකරන්ට උතුර නැගෙනහිර දෙන්න සුදානම් වූ රනිල්ගේ පාලනය නිසා තමයි දෙමල්ලු දැන් කෙකර ගාන්නේ. ඔහේ වැඩ පටන් ගන්න අපි එකතු වෙන්නම්. ඝට තිබෙනවා නම් ඔය ටික පාරලිමේන්තුවේ කියන්න. එතකොට අපිට රනිල් රාජපක්ෂලාගේ හා දෙමලුන්ගේ ප්‍රතික්‍රියා බලාගන්න පුළුවන්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site