උතුරු හා නැගෙනහිර පළාත්හි රක්ෂිත වනාන්තර අක්කර 16,500 කට අධික ප්‍රමාණයක් නීති විරෝධී අන්දමින් හෙළි පෙහෙළි කර ජනාවාස හා වගා කටයුතු සඳහා යොදා ගනිමින් සිටින බව පරිසර සංරක්ෂණ භාරය කළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.
වව්නියාව මුලතිව්,මන්නාරම හා අම්පාර යන දිස්ත්‍රික්කවල රක්ෂිත වනාන්තර මෙසේ සංහාරයට ලක්වෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා පැවැසීය.
වන සංරක්ෂණ ආඥා පනත ජාතිකපාරිසරික පනත, පුරාවස්තු ආඥා පනත රජයේ ඉඩම් ආඥා පනත, ආදී අණ පනත් රැසක් උල්ලංඝණය තරමින් මෙම වන සංහාරය සිදු කෙරෙමින් පවතින බව ද චාමිකර මහතා ප්‍රකාශ කලේය
මෙම මහා පරිමාණ වන විනාශය හේතුවෙන්වැව් හා ගංගා වල ජල පෝෂක අහිමි වීම ද, අලි ඇතුන්ට වාසස්ථාන අහිමිවීම ද, සිදුවන බවද හොතම සදහන් කළේය.
වන රක්ෂිත 17 කට අයත් වනාන්තර මෙසේ විනාශ කරමින් පවතින පව ද ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු නැගෙනහිර කැලෑවට කැලෑ නීතිය
ජනිත් Friday, 27 November 2015 09:04 AM
කෝ අපේ ජනාධිපතිතුමා .?. මේවා නවත්වනවා කිව්වා නේද ?..කට විතරයි වැඩ නැනේ (බ)
බණ්ඩාර Friday, 27 November 2015 09:17 AM
අම්පාර දිස්ත්‍රික්කයේ ඉතා විශාල ලෙස වන සංහාරය, තණ බිම් හා ජලාශ රක්ෂිත ප්‍රදේශ අනවසරයෙන් වගා කිරීම සිදු වේ. මේවා ප්‍රාදේශීය ලේකම් හා දිසාපතිලාට නොපෙනෙන්නේ මන්ද? (බ)
මලික් Friday, 27 November 2015 09:27 AM
මොකක්ද මේ වෙන්නේ.(හේ)
අමිල Friday, 27 November 2015 10:15 AM
මොනවා වුනත් කොටි හිටියනම් මෙහෙම වෙන්නේ නෑ.(හේ)
සුරන් Friday, 27 November 2015 10:35 AM
කෝ විෂය බාර ඇමතිතුමා නිදිද දන්නේ නැහැ (ම)
සිමොනිස් Friday, 27 November 2015 10:51 AM
කොහොමත් උතුරු නැගෙනහිර දැන් තියෙන්නේ, කැලැ නීතිය තමයි. (බ)
ආනන්ද Friday, 27 November 2015 12:50 PM
ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්ගේ? (බ)
සුසන්ත Friday, 27 November 2015 01:40 PM
යහපාලන ගිවිසුම අනුව කටයුතු කරනකොට ඉතින් ඔහොම වෙනවා. ඕවට කැමති වෙලානේ මිනිස්සු යහපාලනය ගෙනාවේ, දැන් ඉතින් මොකද මේ මැසිවිලි. (රේ)
හෂාන් Friday, 27 November 2015 08:28 AM
වැදගත් පුවතක් (නි)