ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලිය හරහා ප්‍රංශයට යාමට උත්සහ කළ උතුරේ තරුණයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ මුලතිව් හා කිලිනොච්චියේ පදිංචි වයස අවුරුදු 31 හා 28 වියැති පුද්ගලයෝ වෙති.
ඔවුහු ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි 372 දරණ ගුවන්යානයෙන් ඉතාලිය හරහා ප්‍රංශයට යාමේ අදහසින් කටුනායකට පැමිණ තිබේ. එම අවස්ථාවේ ජර්මන් තානාපති කාර්යාල නිලධාරියෙකුගේ පරීක්ෂාවට මොවුහු ලක්ව ඇති අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බව දැන්වීමෙන් අනතුරුව මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ මෙම ගමන සඳහා තම සැබෑ ගුවන්ගමන් බලපත භාවිතා කර ඇති නමුත් ඔවුන් ප්‍රංශයට යාමට ලබාගෙන ඇති වීසා ව්‍යාජ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනාගේ ප්‍රංශයේ වෙසෙන ඥාතීන් විසින් යාපනයේ පදිංචි රැකියා ඒජන්තවරයෙකුට මුදල් ලබා දීමේ කොන්ත්‍රාත්තුවත් මත මෙම තරුණයෝ මෙලෙස ප්‍රංශයට යාමට උත්සහ කර ඇති බව විමර්ශණ වලදී හෙළිවී ඇත.
මේ පිළිබද වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමෙන් අනතුරුව සැකකුරුවෝ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ දෙන්නෙකුට ප්‍රංශයට පනින්න බැරිවේ
කුමාර Monday, 08 February 2016 08:48 AM
කොහොම හරි පැනගත්තා නම් එයාලත් වැටෙන්නේ අතුරුදහන් වුණ අයගේ ලයිස්තුවටමයි (අ)
නුවන් Monday, 08 February 2016 09:03 AM
කුමාර දන්න දෙයක් කතා කරන්න. හිතාගෙන ඉන්නේ දමිල තරුණයින්ව අතුරුදහන් කළේ නෑ කියලද (අ)