IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උතුරු ඡන්දෙට වැන්දඹු පෙරමුණකිනුත් එයි

උතුරු පළාත් සභා මැතිවරණයට වනැදඹු කාන්තාවෝ සංවිධානය නම් ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් ව සිටියි.

මෙම කණ්ඩායමේ අපේක්ෂිකාවන් 19 දෙනෙක්ම10 දෙනකුම වැන්දඹු කාන්තාවෝය.

තම්බිපිල්ලේ ඉරුදියරාණිමේ කණ්ඩායමේ  නායිකාවයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය සමඟ උතුරට ගිය අවස්ථාවේදී මේ කණ්ඩායම හමු විය.

කණ්ඩායමේ නායිකා ඉරුදියරාණි මහත්මිය මෙසේ කීවාය.

‘අපි කාන්තාවන් වෙනුවෙන් උතුරු පළාතේ බලය ඉල්ලන්න තීරණය කළා. විශේෂයෙන් වැන්දඹු කාන්තාවන් දරුවන් , දරුවන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අද දේශපාලනය කරන පක්ෂ කාන්තාවන් වෙනුවෙන් හඩක් නගන්නේ නැහැ.‘

‘දැනටමත් අපේ කණ්ඩායමට විවිධ චෝදනා එල්ල කරනවා. අපි ආණ්ඩුවෙන් සල්ලි ගෙන ඡන්දයට ඇවිල්ලාලු , විපක්ෂයෙන් සල්ලි ගත්තැයි යැයි බොරු ප්‍රචාරය කරමින් සිටිනවා. හැබැයි අපි කාන්තාවන් එකතු වී මේ අභියෝගය ජය ගන්නවා.‘

‘ අද ළමා අපරාධ වැඩියි. පළාත් සභාවක් තුළින් අපිට උතුරේ කාන්තාවන් දරුවන් ශක්තිමත් කරන්න ඒ අය වෙනුවෙන් කතා කරන්න අපි ඉදිරිපත් වෙන්නේ. මැතිවරණ නීතියට ගරු කරමින් අපි ප්‍රචාරයක වැඩ කරන්නේ කාන්තාවන් විසින්මයි. හැබැයි යාපනයේ මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් ඇතැම් අය මැතිවරණ ප්‍රචාරණය කරනවා.‘

‘අපි උතුරේ පළාත් සභාව ඇති කිරීම පිළිබදව සතුටු වෙනවා. හැබැයි අද ඉදිරිපත් වෙලා ඉන්න පක්ෂ කවුරුත් අපේ කාන්තාවන්ට මොනවද කරන්නේ කියා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර නෑ.‘

යාපනය දිස්ත්‍රික්කයේ මෙම ස්වාධීන කණ්ඩායම සංවිධාන ගතව ගෙන් ගෙට ගොස් කාන්තාවන් දැනුම්වත් කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියි.

 



අදහස් (0)

උතුරු ඡන්දෙට වැන්දඹු පෙරමුණකිනුත් එයි

රත්නා Monday, 02 September 2013 07:17 PM

උතුරේ පමණක් නොව දකුණෙහි දරුවෝ ස්වාමිහු අප හැරදා ගොස් හමාරය (නි)

:       0       0

නසීර් Monday, 02 September 2013 01:38 PM

නිකන් යන්න මෙයා යන්න (දී)

:       0       0

චමල් Monday, 02 September 2013 02:10 PM

අනිත් 9 දෙනාටත් වැන්දඹු වෙන්න ආස හිතිලද ? (ස)

:       0       0

අසෝක Monday, 02 September 2013 08:05 PM

මේක අමුතු සංවිධානයක් නෙමෙයිනේ. (නි)

:       0       0

නිශාර්ඩ් Monday, 02 September 2013 04:52 PM

මේක හොඳ ප්‍රවණතාවයක්. උතුරෙහි කාන්තාවන්ට දේශපාලනය කරන්නට වැඩි අවස්ථාවක් උදා වුණේ නැහැ. මෙය හොඳ ආරම්භයක්. මගේ සුබ පැතුම්. (නි)

:       0       0

අරුණි Monday, 02 September 2013 12:42 PM

වරුණ, ඔයාටත් මේ අයට සපෝට් එකක් දුන්න හැකි, දැන් ශිෂ්‍යත්වෙත් ඉවරයිනේ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site