IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරු ඡන්දෙට අනිසි බලපෑම්

උතුරු පළාත් සභා මැතිවරණයේ  ඡන්ද අපේක්ෂකයින්ට ආරක්ෂක අංශවලින් බියවැද්දීම පිළිබද පැමිණිලි ලැබී ඇති බැවි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ (කැෆේ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

තෙන්නකෝන් මහතා එලෙස පැවසුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ  ජන්ද නීති උල්ලංඝනය පිළිබ`ද හා උතුරු පළාත් ඡන්ද ප්‍රචාරය පිළිබ`ද වවුනියාව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හා වවුනියාව නගරයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

තෙන්නකෝන් මහතා මෙසේ ද කියයි.

උතුරේ සිවිල් නීතිය තවමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ,උතුරු පළාතේ  එක්ලක්ෂ දස දහසකට  ජාතික හැදුනුම්පත් නැහැ, එයින් අසූදහසක පිරිසකට මොනයම් හෝ හැදුනුම්පතක් හෝ නැහැ.

නැවත පදිංචි කළ ජනතාව සිටින ප්‍රදේශයන් හි ආණ්ඩු පක්ෂයේ  නොවන ඡන්ද අපේක්ෂකයින්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතු ස`දහා ආරක්ෂක අංශ බාධා කරනවා.

සමස්තයක් ලෙස ගත්කල ඉලංකයි තමිල් අරසුකච්චි පක්ෂයට , ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික සමානතා පක්ෂයට ආරක්ෂක අංශයන් විසින් විවිධ තර්ජනය කිරීම් එල්ල කොට ඇති බවට පැමිණිලි හයක් පමණ ලැබී තිඛෙනවා, ඉදිරි සති හයක කාලය තුල ආණ්ඩුව විසින් උතුරේ සිවිල් නීතිය ක්‍රියාත්මක කොට උතුරේ අපේකෂකයින්ට දේශපාලන නිදහස ලබාදිය යුතුයි.



අදහස් (0)

උතුරු ඡන්දෙට අනිසි බලපෑම්

බන්දුල පෙරේරා Sunday, 18 August 2013 07:05 PM

පැපරල් සංවිදානය ගැන යම් විශ්වාසයක් මැතිවරණ ක්ෂේත්‍රයේදී මේ රටේ තිබෙනවා. (නි)

:       0       0

දිසානායක Sunday, 18 August 2013 12:49 PM

ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගන්න පුලුවන්ද? (නි)

:       0       0

ධම්ම Sunday, 18 August 2013 01:10 PM

දැන්ම ඉඳලා පැමිණිලි කරලා හිටියාම පසුවට හේතු පාඨ ඉදිරිපත් කරන්න ලෙහෙසියිනේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 18 August 2013 05:22 PM

අනේ අපි නොදන්නවායැ? (නි)

:       0       0

දසුනි Sunday, 18 August 2013 06:05 PM

මෙහෙම වෙන්න,වෙන්න තමා ඡන්දය නිදහස් හා සාධාරණ වෙන්නේ.අපි දන්නා විදිහට නම්. (නි)

:       0       0

ඩෙනම් Monday, 19 August 2013 03:56 PM

කවුරු කරදර කලත් එහෙ ඉතින් කවුද අහන්න යන්නේ ? පව් ඒ මිනිස්සු , ඒ මිනිසුන්ට කවදත් සදාරණයක් ඉෂ්ට වුනේ නැහැ , කවදත් කාගේ හරි බලපෑමක් තියෙනෙවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site