IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරේ කොල්ලා තුර්කියෙන් පිටුවහල්

රුපියල් ලක්ෂ 25 ක මුදලක් යාපනයේ තැරැව්කාර කාන්තාවකට ගෙවා කටාර් වෙත ගොස් තුර්කිය හරහා ජර්මනියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් තුර්කියෙන් පිටුවහල් කොට ආපසු එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනයේ තෝපායි හි පදිංචි 36 හැවිරිදි තරුණයෙකි.

ඔහු ඔහුගේ  නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන පසුගිය අගෝස්තු 13 වෙනිදා සිට ශ්‍රී ලංකාවේ සිට කටාර් රාජ්‍ය වෙත ගොස් ඇත.

පසුව ඔහු කටාර් සිට තුර්කියට ගොස් ඇති අතර තුර්කියේදී ඔහු අත තිබු ඉන්දියානු ගුවන් බලපත්‍රයක් නිසා ඔහු අත් අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළිව ඇත්තේ ඔහු අදාල ඉන්දියන් ගුවන් ගමන් බලපත්‍රය සකස් කර ගැනීම සඳහා මින් පෙර දෙවතාවක් ඉන්දියාවට ගොස් ඇති බවයි.

මේ ස‍ඳහා ඔහු යාපනයේ තැරැව්කාර කාන්තාවකට රුපියල් ලක්ෂ 25 ක් ගෙවා ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.

 

 

 



අදහස් (0)

උතුරේ කොල්ලා තුර්කියෙන් පිටුවහල්

ඉසුරන්දි Wednesday, 19 August 2015 07:55 AM

ඔහොම ගිහින් තමයි අන්තිමේදී රටට විරුද්ධව වැඩකරන්නේ.( ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site