IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උතුරට ලෝක දෙමළ මධ්‍යස්ථානයක්

රුපියල් කෝටි දෙසීයක වියදමකින් කිලිනොච්චි නගරයේ ජාත්‍යන්තර දෙමළ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාවක් පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ පොන්ඩිචෙරි නුවරදී පැවැත්වුන ද්‍රවිඩ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර සම්මේලනයේදී සම්මත වූ බව "හින්දු"පුවත්පත වාර්තා කරයි.

කැනඩාවේ දෙමළ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ" ඉන්දියා ශාඛාව විසින් සංවිධානය කැරුණු මෙම දෙදින සම්මේලනයට ඉන්දියාවේ තමිල්නාඩු, කර්ණාටක, පොන්ඩිචෙරි යන ප්‍රාන්තවලින් ද ශ්‍රී ලංකාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකාව යන විදෙස් රටවලින්ද නියෝජිතයෝ 150 ක් සහභාගිවී වූහ.

ලෝකයේ විවිධ රටවල ජීවත්වන දෙමළ ජනතාව අතර ඔවුනගේ සංස්කෘතික හා භාෂා උරුමය රඳවා ගැනීමේ ක්‍රම හා විධි පිළිබඳව මෙහිදී සාකච්චා කර ඇත. විශේෂයෙන් තම මව් භාෂාව භාවිතා කිරීමේ අඩු අවශ්‍යතාවයක් ඇති විදේශයන්හි ජීවත්වන තරුණ පරම්පරාව වෙත මෙම පණිවිඩය ගෙනයාමේ වැදගත්කමද මෙහිදී කතා බහට ලක්වී ඇත. 

ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් ඉගෙන ගන්නා ද්‍රවිඩ දරුවන් හට ලෝකයේ පෞරාණික ශාස්ත්‍රීය භාෂාවක් ලෙස පිළිගත් දෙමල භාෂාව මෙන්ම  සංස්කෘතියෙහි ඇති සාරවත්භාවය වටහාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සම්මේලනය සඳහා පැමිණ සිටි කීර්තිමත් විද්වත්හු, ලේඛකයන් ඇතුළු පඬිවරු අදහස් ඉදිරිපත් කළහ.

විදෙස් රටවල දෙමළ ජාතිකයින් හට භාෂාව ඉගැන්වීමේදී පිළිපැදිය යුතු පාඩම් ක්‍රම හා විෂය මාලාවන් පිළිබඳවද මෙහිදී සාකච්චා කර ඇත.

මෙම වැඩපිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් ද්‍රවිඩ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ මුලිකත්වයෙන් 2017 වසරේදී කිලිනොච්චි නඟරයේ ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාව සම්මතවී ඇති අතර එම සංවිධානයේ කැනේඩියානු නියෝජිත නාඩා රාජ්කුමාර් එම මධ්‍යස්ථානය " එක්සත් ජාතීන්ගේ සංවිධානය" වැනි පුළුල් විධිමත් ආයතනයක් ලෙස ස්ථාපිත කෙරෙන" බවත් එහිදී ක්‍රියාත්මක කෙරෙන්නේ "හුදෙක් දෙමළ භාෂාව සහ සංස්කෘතිය සුරැකීමේ වැඩකටයුතු පමණක්" බවත්, " දේශපාලනයට සම්බන්ධ වැඩකටයුතු කිසිවක් එම මධ්‍යස්ථානයට සම්බන්ධව සිදු නොකරන" බවත් පවසා ඇත.

ලෝකයේ දෙමළ භාෂාව කතාකරන පිරිස් ජීවත්වන රටවල් 160 නියෝජිතයින් එම මධ්‍යස්ථානය සඳහා පත්කෙරෙන බවත් ඔහු කියා ඇත.

 



අදහස් (0)

උතුරට ලෝක දෙමළ මධ්‍යස්ථානයක්

ක්‍රිශාන්ත Wednesday, 20 January 2016 12:13 PM

වැනෙන නායකයෝ පත්වෙච්ච නිසා අකමැති වුණත් බලෙන් හරි හදාවි . ලංකාවට අඩුවකට තියෙනේ ඕක විතරයි (බ).

:       0       0

කවින්ද Wednesday, 20 January 2016 07:09 AM

බොහොම හොඳයි. ඒත් මේක හදන්න ඕනෑ තමිල්නාඩුවෙනේ? මොකද ලංකාවේ හදන්නේ? (නි)

:       0       0

යාපා Wednesday, 20 January 2016 07:14 AM

අනේ මන්දා මේවා නම්... (නි)

:       0       0

අබය Wednesday, 20 January 2016 07:10 AM

සීයට දොළහක් දෙමළ ජාතිය ඉන්න ලංකාවට මොකටද ලෝක දෙමළ මධ්‍යස්ථානයක්? අපි ගිහින් ඉන්දියාවේ ලෝක සිංහල මධ්‍යස්ථාන හදනවාද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 20 January 2016 07:28 AM

ඕවා තමිල්නාඩුවේ හදාගන්නකෝ. 100% දෙමළ අය ඉන්නේ එහෙනේ. මම තරයේ විරුද්ධයි මේවට. මේවාට ඉඩදීලා ඡන්ද ඉල්ලාගෙන එන්න එපා. ඔන්න කලින්ම කියන්නේ (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 07:23 AM

කොළඹ ඉන්න දෙමළ මුදලාලිලාගෙන් බඩුගන්නේ ඉන්දියාවෙන් එන අයද? (නි)

:       0       0

ඩිලාන් Wednesday, 20 January 2016 07:33 AM

මොනවද මේ? මට නම් දැන් මේ යහපාලනය තිත්ත වෙලා... (නි)

:       0       0

නිරාන් Wednesday, 20 January 2016 07:35 AM

මේක නම් එච්චර යහපත් දෙයක් නෙමෙයි (නි)

:       0       0

සඳුන් Wednesday, 20 January 2016 08:07 AM

එතකොට දෙමළ ප්‍රශ්න විස‍ඳෙනවද? අනික ඉන්දියාවද දැන් ශ්‍රී ලංකාව ගැන තීරණ ගන්නේ? (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 20 January 2016 09:16 AM

ලෝක දෙමල මද්යස්තානය පිහිටවිය යුත්තේ ලංකාවේද? නැතිනම් තමිල්නාඩුවේද?සොලී රට කියන්නේ තමිල්නාඩුව මිසක් ලංකාව නොවේ.නමුත් බල පෙරේත දේශපාලනය මෙයට ඉඩ දේවි. වලකැපෙන්නේ සිංහලයාට (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 21 January 2016 04:45 AM

අපි සිංහල භාෂාව සහ සංස්කෘතිය වෙනුවෙන් පෙළගැසී කටයුතු කරමු (නි)

:       0       0

නිහාල් පත්මසිරි Wednesday, 20 January 2016 04:19 PM

මෙය පිහිටවිය යුත්තේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නොවේද? (නි)

:       0       0

වජිර Thursday, 21 January 2016 06:00 AM

මේක හදන්න ඕනෑ තමිල්නාඩුවේනේ! ලංකාවේ මොකටද මේවා හදන්නේ? (නි)

:       0       0

චතුර Wednesday, 20 January 2016 04:53 PM

ඕක හදන්න කියන්න ගිහින් තමිල්නාඩුවේ. (නි)

:       0       0

විජේසේන අරුමප්පෙරුම Wednesday, 20 January 2016 10:51 AM

එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. තව ඉස්සරහා බලාගත්තැකි. නරි නාටක (බ)

:       0       0

විජිත Wednesday, 20 January 2016 10:50 AM

සිංහලයන්ට මෙහෙම එකක් තියනවද දන්නේ නැ... දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද. (බ)

:       0       0

දිනේෂ් Wednesday, 20 January 2016 06:19 AM

මේක ඉන්දියාවේ, කැනඩාවේ සල්ලි වලින්ම හැදුවා නම් හොඳයි (නි)

:       0       0

විජිත Wednesday, 20 January 2016 06:17 AM

බොහොම හොඳයි (නි)

:       0       0

නාමල් Wednesday, 20 January 2016 06:18 AM

ලංකාවට මෙහෙම මධ්‍යස්ථානයක් ලැබීම හොඳයි (නි)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 20 January 2016 06:24 AM

මිනිසුන්ගේ මුලික අවශ්‍යතා ගැන අවධානය යොමුකරලා, ඊටපස්සේ මේ දේවල් ගැන හිතුවොත් නරකද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 20 January 2016 06:24 AM

මේවා අනවශ්‍ය ප්‍රශ්න. ලෝක දෙමළ මධ්‍යස්ථානයක් ඕනෑ නම්, තමිල්නාඩුවේ ඒවා කරන්න බැරිද? මැලේසියා, සිංගප්පුරු, කැනඩාව වැනි රටවල විශාල දෙමළ ජනගහණයක් ඉන්නවා. නමුත් මෙවැනි දේ ඒ රටවල කෙරෙන්නේ නැහැ (නි)

:       0       0

චාන්දනී Wednesday, 20 January 2016 06:29 AM

මේක හදන්න ඕනෑ තමිල්නාඩුවෙනේ. මොකද ලංකාවේ හදන්නේ? මිනිසුනේ, තේරුම් ගන්න. කොහෙද මේ යන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site