IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරට නව අධි සුඛෝපභෝගී දුම්රියක්

(යොහාන් භාසුර)

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් ලබන අගෝස්තු මස 4 වෙනිදා  ‍සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පැවසීය.

එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වී සෙනසුරාදා අලූයම 6.00 ට කන්කසන්තුරේට ළඟා වන බවත් ඉරිදා රාත්‍රී 10:30 ට කන්කසන්තුරෙන් පිටත්ව එම දුම්රිය සඳුදා අලුයම 6.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

නල්ලූර් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම දුම්රිය අගෝස්තු මස 18 වැනිදා සිට දිනපතා ධාවනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අධි සුඛෝපභෝගී දුම්රියේ ආපනශාලා ඇතුළු සියලුම පහසුකම් ඇති බවත් එම දුම්රියේ ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

උතුරට නව අධි සුඛෝපභෝගී දුම්රියක්

Kamal Koyrala Wednesday, 26 July 2023 11:46 AM

නල්ලූර් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම දුම්රිය අගෝස්තු මස 18 වැනිදා සිට දිනපතා ධාවනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.-බොහොම හොඳයි නමුත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පගාව්ටා කැන්ටිමට දෙන්න එපා .මිල පාලනයකුත් අවශ්‍යයි .ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් බොහොම හොඳයි .නමුත් කරුවලේ සංචාරකයන්ට මග දෙපස බලන්න වෙන්නේ මොනාද බන්දු

:       1       6

පිටරැටියා Wednesday, 26 July 2023 02:54 PM

අදි සූකෝපබෝගි උනාට වැසිකිළි නම් අන්තිම අපිරිසිදුයි .දුන්ගද හමනවා.පහුගිය කාලෙක ගිය නිසයි කියන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site