අධිකරණයේ ඉහළ තනතුරක් දරණ පුද්ගලයකුගේ නිවසේ රාජකාරී කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් පිරිසකට එල්ළ වන තර්ජන ගර්ජන කුණු හරුපෙන් බැන වැදීම් හා ඔවුන්ගේ අවි උදුරා ගැනීමට තැත් කිරීම් නිසා ගිනි අවි අතැතිව සිටින ඔවුන් අතින් අනපේක්ෂිත තත්ත්වයක් උදා විය හැකි යැයි එම පොලිස් කණ්ඩායම භාරව සිටින පොලිස් නිලධරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ලිඛිතව දන්වා යවා ඇත.
නියෝග කරන නිසා අකමැත්තෙන් රාජකාරියට යන මේ පොලිස් සාමාජිකයන් දැඩි මානසික පීඩාවකට පත් වී සිටින බවත් ඔවුන් සිටින තත්ත්වය අනුව පහර දීමක් හෝ වෙඩි තැබීමක් සිදු වුවහොත් එය බරපතල ලෙස පොලීසියේ හා අධිකරණයේ කීර්ති නාමයට හානි වන බවත් එම ලිපියේ සදහන් වේ.
මීට දෙවසරකට පෙර ද එම පුද්ගලයා කොස්තාපල්වරයකුට පහර දීම නිසා නිවසේ රාජකාරීය වෙනුවට පොලීසිය එම නිවස ඉදිරිපිට මාර්ගයේ රාජකාරියට යෙද වු බවත් පොලීසිය සදහන් කරයි.
ඉන් පසු එම නිලධරයා පොලිස්පතිගෙන් කළ ඉල්ලීමක් අනුව වෙනත් පොලීසියකින් කොස්තාපල්වරුන් හය දෙනකු , ගිනි අවි ද සමග යළි එම නිවසේ ආරක්ෂක රාජකාරීවලට යවා ඇතැයිද ඉන් කොස්තාපල්වරුන් සිව් දෙනකුටම බැන තර්ජනය කැර ඇතැයි ද ඔවුන්ගේ රාජකාරී සටහන් පොත්වල ලියා ඇති එම තොරතුරු සත්‍ය බව පෙනේ යැයි ද එම පොලිස් නිලධරයා කියා ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
උණ පුරුකේ දැමුවත් මේ වලිගේ ඇද නෑරේ
කුමාරි Sunday, 11 May 2014 05:40 PM
දැන් බලාගෙන ගියාම, ප්‍රභූ ආරක්ෂාවට ඉන්න ගොඩක් පොලිස් නිලධාරීන් බොහොම කෙණගාටුවෙන්නේ ඔවුන්ගේ රාජකාරිය ඉටු කරන්නේ. ඒ උනාට රථවාහන අංශය භාර සමහර අපේ පොලිස් නිලධාරී තුමන්ලා නම් ඉතාම සතුටකින් එම රාජකාරිය කරනවා අපි දකිනවා. (ස)
සමන්ති Monday, 12 May 2014 05:10 AM
මෙයාව අර මන්ත්‍රිණීට හිතවත් කරලා දෙමු. (නි)
චන්ද්‍රා Sunday, 11 May 2014 05:49 PM
ප්‍රශ්න ඔඩු දුවනතෙක් බලාන සිටීම මහත් අපරාධයකි, (ස)
චන්ද්‍රා Sunday, 11 May 2014 05:49 PM
ප්‍රශ්න ඔඩු දුවනතෙක් බලාගෙන සිටීම මහත් අපරාධයකි. (ස)
පද්මිණී Sunday, 11 May 2014 05:51 PM
අයුක්තියට තීන්දු දී අහිංසකයින් සිරගෙට යවන මෙවැන්නන් වයස යනකොට ආතතිය ද ? (ස)
පිටිගල Sunday, 11 May 2014 06:13 PM
මල් පිපුනත් ගති නැරෙයි කොහොඹ රුකේ.........සිල් ගත්තත් බලලුට බයලු මූසිකේ.........කල් තිබුනත් බලු වලිගය උන පුරුකේ...............ඇද යන්නේ නැත ඒකේ.... (ස)
නාලක Sunday, 11 May 2014 06:30 PM
අතීත වැරදි ගැනත් හොයන්න. (ස)
සැම්සන් පිලපිටිය Sunday, 11 May 2014 06:41 PM
අධිකරණයේ ඉහළ නිලධාරියකු මෙහෙම නම් පහළ නිලධාරීන් මොනවා නොකරයිද ? නිතිය දන්නා වැදගත් තනතුරු දරන අය මෙසේ නම් නීතියත් නොදන්නා සාමනය ජනතාව ගෙන මොනවා කියම්ද ? (ස)
මෙවන් Sunday, 11 May 2014 06:46 PM
මානය නිසාවෙන් ඇතිවුන බලවත් මානසික ව්‍යාධියක් වෙන්නැති??? (ස)
රිස්වාන් Sunday, 11 May 2014 07:43 PM
වවුල් පැලැන්තියේ කෙනෙක් නේද ? (ස)
රවිඳු Sunday, 11 May 2014 07:45 PM
පොලිස් නිලධාරීන්ට තියෙන්නේ එසේ උදුරාගෙන නිවසේ සඟවාගත් ආයුධයක් පෙන්වීමට මෙම පුද්ගලයාව කැඳවාගෙන යන්නටයි (ස)
දිල්ශාන් Sunday, 11 May 2014 07:52 PM
හරිම පුදුම කෙනෙක්නේ (ස)
මනෝජ්-සාජා Sunday, 11 May 2014 07:54 PM
ඒ කියන්නේ ප්‍රභූ ආරක්ෂක ඒකකයේ ඉන්න නිලධාරීන්ට ප්‍රභූන්ට මුට්ටි අල්ලන්න වෙනවා කියන එකද ?.(ස)
රුක්ෂාන් Sunday, 11 May 2014 08:05 PM
බලු වලිගේ ඇද යවන්න පර්යේෂණ කළා අපේ මහාචාර්ය වරයෙක්. (ස)
රොකී Sunday, 11 May 2014 08:05 PM
බලු වලිගෙ කෙලින් කරන්න උන පුරුකෙට බස්සන පර්යේෂණය අපේ මහාචාර්යවරයෙක් නාථ දෙවියන්ගෙන් උපදෙස් ලබාෙගෙන කරපු ව්‍යාපෘතියක්. කැලණිය පැත්තේ තමයි පර්යේෂණාගාරය තිබුණේ. තුන් මාසෙකට පස්සේ බම්බුව ගලෝලා බැලුවම වලිගෙ එහෙමමයි. කොම්බුව වගෙයි. (ස)
මිලනෝජයන්ත Sunday, 11 May 2014 02:50 PM
එකිනෙකාට ගෞරව කිරිම් අද හීන වෙලා. නීතියේ ආධිපත්‍යය සකස් කරන මහත්වරුන්ම මෙය කරනවා නම් කවර කතාද? ඉතාලියේ අගමැති පවා සාමාන්‍ය මිනිසුන්ට සර් කියලා කතා කරන්නෙ(සින්ග්නෝරේ) අනික වීදේශිකයන් වන අපට පවා සේවාවක් ලබාගන්න ගියත් පිළිගන්නෙ එසේ ආමන්ත්‍රණය කරමින්. (ස)
බන්දුල පෙරේරා Sunday, 11 May 2014 10:31 PM
විනිසුරු තුමෙක් වෙන්නේ අහසින් පාත් වෙච්ච කෙනෙක් නෙමෙයිනේ..අපි අධිකරණයෙන් සාධාරණය පතනවා. (ස)
ධම්ම Sunday, 11 May 2014 03:03 PM
මගේ යාබද නිවසේ කලක් පදිංචිව සිටි අධිකරණ නිලධාරියකුගේ සියලු ආවතේව කළේ එහි රැකවලට සිටි පොලීසියේ අය. මා දවසක් ඔවුන්ගෙන් ඇහුවා ඔබේ රාජකාරියට කාර් හේදීම, කඩේ යාම ආදියත් ඇතුළත් ද කිය. ඔවුන් කිව්වේ එයා හරීම හොඳ කෙනෙක් නිසා අපි ඒ දේ කර දෙනවා කැමැත්තෙන් කරන බවයි. (ස)
ෂෙරිෆ් Sunday, 11 May 2014 03:07 PM
අනේ මන්දා අතීතයේ සිදුනොවූ දේ තමයි දැන් කාලේ සිද්ධ වෙන්නේ. (ස)
ජයන්ත Sunday, 11 May 2014 03:21 PM
අධිකරණයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයකුගේ කල් ක්‍රියාව මෙසේ නම් ඔවුන් වැන්නන්ගෙන් නීතියේ සාධාරණත්වයක් බලාපොරොත්තු විය හැකිද.?මානසික ව්‍යාධියක් ඇත්නම් ප්‍රතිකාර ගන්නවා වෙනුවට ආරක්‍ෂක නිලධාරීන් මානසික පීඩනයට ලක් කිරීම එයට ප්‍රතිකර්මයක් නොවන බව ඒ ඉහළ තනතුරට නොවැටහේද.? (ස)
රිචඩ් Sunday, 11 May 2014 03:30 PM
ඔන්න අලුත්ම රැල්ල... (නි)
චතුර Sunday, 11 May 2014 03:38 PM
අධිකරණයට සම්බන්ධ තනතුරක් දරන කෙනෙක් මෙහෙම කරනකොට අපි කොහොමද අනෙක් අයව විශ්වාස කරන්නෙ? (නි)
තිලක් Sunday, 11 May 2014 03:39 PM
කවුද ඉතින් මේ අධිකරණයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයා? (නි)
බන්දුල පෙරේරා Sunday, 11 May 2014 03:51 PM
අධිකරණයෙන් කට්ටිය ස්වාධීනත්වයක් පතනවා...? (නි)
හේරත් Sunday, 11 May 2014 11:33 PM
හැම දෙනාටම සාධාරණය ඉටුවේවා! (නි)
තාර්කික Sunday, 11 May 2014 04:35 PM
කොන්ද ඇතිව කෙලින් වැඩ කරනවානම් ගැටළුවක් නැහැනේ.