
(ගයාන් සූරියආරච්චි)
මිනුවන්ගොඩ අලුතැපොළ ප්‍ර දේශයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙක හැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කටුවැල්ලේගම ප්‍ර දේශයේ පදිංචි ධනුෂ්ක දේවින්ද පෙරේරා නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
මිනුවන්ගොඩ අලුතැපොළ වලගම්බා විදුහල් ක්‍රීඩා පිටියේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් ඉකුත් දා පැවැත තිබූ අතර එහිදී උඩපන්දුවක් රැකීමට යාමේදී මියගිය පුද්ගලයා සහ තවත් ක්‍රීඩකයකු එකිනෙකා ගැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2234
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩ පන්දුව මරණයකින් කෙළවර වෙයි
Bunny Preena Monday, 10 November 2025 01:35 PM
විශේෂයෙන් උඩ පන්දුවක් රකින්න යන ක්‍රිඩකයා මම බෝලය අල්ලනවා කියලා හඬ නගා එම උඩ පන්දුවම අල්ලන්නට එන අනෙක් ක්‍රිඩකයන්ව දැනුවත් කළ යුතුයි... එතකොට මෙවැනි අනතුරු හෝ ගැටීම් වළක්වා ගන්න පුළුවන් වෙයි.. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.