හම්බන්තොට සිට කිලෝමීටර් හතළීහක් අසුවත් අතර වු මුහුදු ප්‍රදේශයකට ඇද වැටිමට අපේක්ෂිත ආකාශ වස්තුව හෙවත් පාෂාණය භුත අභ්‍යාවකාශ කොටස් එකතුව එතරම් හානිදායක වේ යැයි තමන් නොසිතන බව මත්තල ගුවන් තොටුපළ කාලගුණ විද්‍යාඥ කේ.ඩී සුජිව මහතා මාතර පැවති දිස්ත්‍රික ආපදා කළමණාකරණ සම්මන්ත්‍රණයකදී පැවසීය.
මෙම අභ්‍යෘවකාශ ඒකකයේ සංයුතිය පිළිබඳව විශේෂ අවධානයක් කොට නැතත් එහි ගමන් මඟ පිළිබඳව ගණිත මුලධර්ම වලට අනුකුලව ගණනය කොට ඇතැයි ද ඒ අනුව මෙම සතියේ මෙම පෘථීවියට ඇද වැටෙතියි ද හේ පැවසිය.
මෙය (13) අද සිදුවන බව සමහරු පවසා තිබුණා. එය සාගර කලාපයට වැටේ යැයි දැඩි විශ්වාසයක් පවතින නිසා හම්බන්තොට සිට වර්ග කිලෝ මිටර් පනහක මුහුදු ප්‍රදේශය දැනට ආරක්ෂිත කලාපයක් කොට තිබෙනවා
ඒත් මේක කාලගුණ විද්‍යාවට අයත් විෂයක් නෙමෙයි කෙසේ වෙතත් වායුගෝලයේ සිදුවන ක්‍රියාවලිය නිසා එහි ගමන් මග පිළිබඳවත් ඇඳ වැටෙන ස්ථානය පිළිබඳවත් සාමාන්‍ය නිගමන ඉදිරිපත් කළ හැකිය.
දැනට අනාවරණය වු ආකාරයට මේක අභ්‍යාවකාශ ගත වු රොකට් ආදියෙන් සමන්විත ලෝහ සුන්බුන් ගොඩක් කිලෝමිටර් තිහක් වගේ උඩ සිට ඇද වැටෙන නිසා තරමක බලපෑමක් ඇති වේවි . සමහර විට වායුගෝලයට ඇතුළු වන විට ගිනිගෙන දැවී යාමටත් පුළුවනි.
මේ පිළිබඳව සුවිශේෂි බියක් ජනතාව තුළ ඇති කළ යුතු නැහැ. පෘථීවි ගෝලයට ඉහළ වායුගෝලයේ මෙබදු දේ නිරන්තරයෙන් සිදුවෙනවා. දැනට ගණන් බලා ඇති ආකාරයට මෙබදු සුන්බුන් කොටස් තිස් දාහක් පමණ අභ්‍යාවකාශයේ පාවෙමින් තිබෙනවා හරියට ප්‍රධාන නගරයක වාහන තදබදය වගේ ඉදිරියේදි මේ තදබදය තවත් වැඩි වේවි.
මේ තත්ත්වය ඇති වන්නේ දියුණූ රටවල සිදුවන අභ්‍යාවකාශ පරික්ෂණ කටයුතු නිසා බව පැහැදිලිය. හැම රටකටම වෙන්වු අභ්‍යාවකාශ කලාප පවතිනවා.රැසියාවේ චීනයේ වාගේම ඉන්දියාවේත් මෙබදු කලාප ඇතත් ඇමරිකාවේ කලාපවල බලපෑම වැඩියි. එත් ඒ රටවල් මේ නිසා වන හානියේ වගකිම් භාර ගෙන නැහැ. එහෙම බාරගත හොත් මේවා කඩා වැටීමෙන් වන හානි වලට වන්දි ගෙවිමටත් සිදු වෙනවා. ඇතැම් රටවල ඒ පිළිබඳ නීති ඇතත් අපි වගේ රටවල් මේ ගැන ක්‍රියා කරන්නේ නැහැ.
මේ තත්වයන් පිළිබඳව අනාවරණය කිරිම මාධ්‍යවල ප්‍රධාන වගකිමක් හැටියට අපි දකිනවා. බොහෝ විට කරන්නේ ජනතාව බිය වැද්දිම පමණයි. මෙහිදි ආරක්ෂිත ක්‍රියා මාර්ග ගැනිමට මඟ පෙන්විමත් පරිසරය සුරැකිමට අදාළ ක්‍රියාමාර්ග ගැනිමත් ඉතාම වැදගත් වෙනවා.
මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ යු.ඒ.ඒ.ඩී. උබේසිරිවර්ධන මහතා ආපදාවක පුර්ව කාලින හා පසුකාලින හඳුනා ගැනිම් හා මෙහෙයවිම් පෙන්වා දෙමින් පිළිගැනිමේ කතාව කළ අතර ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ එරික් ද සොයිසා, මාධ්‍ය සම්බන්ධිකරණ ඩබ්ලිව් ඉන්දික ගොඩනැගිලි පර්යේක්ෂණ නිලධාරි මහේෂ් පටබැදිගේ යන මහත්වරු ද අදහස් දැක්වුහ.
මාතර දිස්ත්‍රික් මහලේකම් ඊ ඒ පි විදානගමාච්චි මහත්මිය හා අතිරේක දිස්ත්‍රික් ලේකම් බි රණවිර මහතා ද මෙම සම්මන්ත්‍රණයට එක් වුහ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘උඩු ගුවනෙත් කුණූ කන්දල් ’
සොපි Friday, 13 November 2015 01:39 PM
මෙතුමාගේ කතාව මසුරන් වටිනවා (නි)
විතාන Thursday, 12 November 2015 02:10 PM
කාටවත් කරදරයක් නොවෙනවා නම් ඒ ඇති (නි)
නාමල් Thursday, 12 November 2015 08:24 AM
අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැව්වට පස්සේ ඒකේ සේවා කාලය ඉවරවුණාට පස්සේ ඒක යැවූ රටට ඒක ගැන වගකීමක් ගන්න බෑ... දැන් මේ වැටෙන්නෙත් මොන රටෙන් යවාපු යානයක කොටසක්ද යන්න අපි දන්නෙ නෑ(ම)
විජයබාහු Thursday, 12 November 2015 10:20 AM
නාමල් එ්ක නිකන් එහා ගෙදර එකාගේ වත්තේ ජරා කරලා දැන් එ්ක මගේ නෙවේ කියනවා වගේ වැඩක්නේ (බ)