(ටී.කේ.ජී.කපිල )
උඩුවේ ධම්මාලෝක හිමියන් ‘මස්කට් නුවර හරහා ලන්ඩන් බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.
උඩුවේ ධම්මාලෝක හිමියන් අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , විදෙස්ගත වීම සඳහා සියලු පරීක්ෂණ නිමවා උදෑසන 9.40 ට මස්කට් බලා පිටත්ව යන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. 376 දරණ ගුවන් යානයට වැඩමවා අසුන් ගෙන සිටියේය .
නමුත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බැවින් ආගමන - විගමන පාලක නිහාල් රණසිංහ මහතාගේ නියෝගයක් මත එලෙස ගුවන් යානායෙන් බැස්සවීමට සිදු වු බව ආගමන විගමන නිලධාරීන් සඳහන් කළේය.
උඩුවේ හිමියන්ට එරෙහිව පවතින ගුවන් ගමන් තහනම මෙම අගොස්තු මස 26 සිට ඔක්තෝබර් මස 12 දක්වා කාළය තුළ තාවකාලිකව ඉවත් කර තිබුණද , එයට පෙර මෙසේ ගුවන් ගතවීමට පැමිණීම මෙම සිද්ධියට හේතු වී ඇතැයි එම නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.