IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

(ප්‍රසාද් රුක්මල්) 

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් පිලිපැනීමට ලක්වීමෙන් අඩාලව පැවති බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (30) පස්වරුවේ සිට යලි  යථාතත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

බදුල්ල සිට මහනුවර බලා අද (30) දහවල් ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටිය ක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලිපැනීමට ලක්වීමෙන්  උඩරට දුම්රිය මාර්ගයේ  බදුල්ල දෙමෝදර  අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබූ බවද දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .

බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආපදා සේවකයන් විසින් පිලිපැනීමට ලක්ව තිබූ දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරුව අද (30) පස්වරුවේ සිට බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි ධාවනය වන බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක .1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය රාත්‍රි 7.00ට පමණ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයකු කීය .



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site