IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ මහින්ද නිශ්ශංක

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ  බදුල්ල සහ   දෙමෝදර දුම්රිය   ධාවනයට තව දින කීපයක් ගතවන  හෙයින් කොළඹ කොටුව බදුල්ල අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල කොළඹ කොටුව අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය  දැනට කොළඹ කොටුව  බණ්ඩාරවෙල   දුම්රිය     ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව   නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය  අද (29)  පැවසීය.

ඒ අනුව බණ්ඩාරවෙල සිට රාත්‍රි  8.00ට  අංක  1046 දරන රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල දෙමෝදර අතර දුම්රිය මාර්ගයට ඉකුත් (25) වන දින විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය මේ වනවිටත් මුලුමනින්ම ඇණ හිට තිබේ.

නානුඔය ප්‍රධාන  දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ඊයේ (28) පස්වරුවේ මෙම ස්ථානයට පැමිණ පරික්ෂා කරමින් එම පස්කදු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබූහ.

කෙසේ වෙතත්  එම දුම්රිය මාර්ගය ට  පස්කන්ද   කඩා වැටී ස්ථානයයේ ජල පහරක් තවමත් ගලායමින් නායයාම සක්‍රීය මට්ටමේ ඇති බවත් එම පස් ඉවත් කිරිමේදී තව දුරටත් පස්කදු කඩා වැටෙන බවත් දුම්රිය බලධාරීන් කීහ.

කෙසේ වෙතත් දැනට දුන්හිඳ , ඇල්ල  ඔඩිසි දුම්රියන් ඇල්ල කොළඹ කොටුව අතරත්, පොඩිමැනිකේ , උඩරටමැණිකේ ,විශේෂ සීඝ්‍රග්‍රාමි දුම්රිය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර  දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව , මහනුවර බලා ධාවනය වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

 



අදහස් (0)

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site