ශ්රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න මෙම වසරේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
උගන්ඩා’හි කම්පාලා නගරයේදී ඊයේ නිමා වු ‘උගන්ඩා’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් නිලූක පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. එම ජයග‍්‍රහණයත් සමග ඔහු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටම ඉක්මවා යෑමට සමත් වු බවද බස්නායක මහතා පැවසීය.
බැඞ්මින්ටන් ලෝක සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව (පිරිමි කේවළ) 69 වැනි ස්ථානයේ සිටි නිලූක මෙම ජයත් සමග ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් ඉදිරියට ඒමේ අවස්ථාව හිමිකර ගෙන තිබෙන බවද වාර්තාවේ.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටමේ සිටින පළමු ක‍්‍රීඩකයන් 38 දෙනා අතර සිටි නිලූක උගන්ඩා තරගාවලිය ජය සමග ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තව දුරටත් ඉදිරියට යෑමට සමත්ව සිටින බවද වාර්තාවේ.
‘‘ලෝක ශ්‍රේණිගත කිරීමේ 77 වැනි ස්ථානයේ සිටියදී නිලූක ලකුණු 20,034 ක් ලබා ඔලිම්පික් පරිසාධක මට්ටමට ළගා වී සිටියා. එවිට ඔහු 69 වැනි ස්ථානයේ පසු වුවත්, ලබන බ‍්‍රහස්පතින්දා වනවිට ශ්‍රේණිගත කිරීම් අනුව තවත් ඉදිරියට යෑමට ඔහු සමත්වේවි. අපට ඒ සම්බන්‍ධයෙන් ඉදිරියේදී නිල වශයෙන් දැන ගන්න ලැබෙයි. නමුත් දැනට ලැබී ඇති තොරතුරු අනුව නිලූකට ඔලිම්පික් වරම් හිමිවන බව විශ්වාසයි යැයි’’ බස්නායක මහතා පැවසීය.
අපේ‍්‍රල් මස 22 වැනිදා දක්වා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතා සලකා බලන බවද දැන ගන්නට ඇත. මේ වනවිට අන්තර්ජාතික බැඞ්මින්ටන් පිටියේ ක‍්‍රීඩකයන් අතර තරගකාරීත්වයක් පැවැතියත්, ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට නිලූක දැනට ලබාගෙන තිබෙන ලකුණු ප‍්‍රමාණවත්වන බවද දැන ගන්නට ඇත.
උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ඉතාලියේ විස්නෝ හරියෝ පුට්රෝ පරදවා නිලූක (21/11, 21/18) පහසු ජයක් ලැබීය. පුට්රෝ, ලෝක ශ්‍රේණිගත කිරීමේ 54 වැනි ස්ථානයේ සිටින ඕස්ටි‍්‍රයාවේ මයිකල් ලැන්ස්ටි‍්‍රනර් පරදවා අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයාය.
පුට්රෝ ඉතාලියේ නියෝජනය කළද, බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලෝකයේ රටවල් අතර ඉදිරියෙන් සිටින ඉන්දුනීසියානු ජාතිකයකු බවද වාර්තාවේ.
නිලූක අවසන් පුර්ව තරගයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 68 වැනි ස්ථානයේ සිටින පෘතුගාලයේ පෙඞ්රෝ මාටින්ස් (21/17, 21/12) පරදවා ජය ලැබීය.
නිලූක පසුගිය වසරේ නොවැම්බර් මස ඇමරිකාවේ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගමාලාවකට සහභාගිවෙමින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිකර ගත්තේය. මෙම තරග සංචාරයට පෙර බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) 165 වැනි ස්ථානයේ සිටි නිලූක මාස තුනක් වැනි කෙටි කලකදී ලොව පළමු ක‍්‍රීඩකයන් 70 අතරට පැමිණීමට සමත්වීමද කැපී පෙනේ.
එහිදී නිලූක අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගිවී තරගාවලි තුනක දීම රන් පදක්කම් දිනා ගත් අතර එය ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් විදෙස් තරග සංචාරයකදී දැක්වු හොඳම දක්‍ෂතාව ලෙසද වාර්තාවේ.
ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක පසුගියදා පැවැති 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට ද සමත්විය. ඒ වත්මන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ නිලූකට තර්ජනයක් වන ක‍්‍රීඩකයකු නොමැති බව පෙන්වමින් ජාතික ශූරතාව 10 වරක් දිනාගත් එකම කී‍්‍රඩකයා වෙමිනි.
අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු අතර මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් තරග සුදුසුකම් ලබන පළමු ක‍්‍රීඩකයා වීමේ භාග්‍ය නිලූකට හිමිව තිබේ.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උගන්ඩා තරග ජයත් සමග නිලූක ඔලිම්පික් වරම් ලබයි
දමින්ද Tuesday, 07 February 2012 04:35 PM
ඔබට සුභපැතුම්..
අමිල විජේසිංහ Wednesday, 08 February 2012 01:47 AM
ඔබට සුභපැතුම්..