IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි

(අංජුල මහික වීරරත්න)

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා  තීරණය කොට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

යම් යම් පාර්ශව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමුවී තිබෙන බවද කාර්යාංශය කියයි.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ  සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අමාත්‍යවරයාකාර්යාංශයේ ඉහළ නිලධාරීන් හා අදාල ශ්‍රමිකයින් පිරිසක් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා අදාල තීරණයට එළඹ ඇත.

මෙම  සාකච්ඡාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ‚ සාමාන්‍යාධිකාරී  ඩී.ඩී.පී සේනානායක මහත්වරු ඇතුළු නිලධාරීහු ද සහභාගී වූහ.



අදහස් (1)

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි

Susil Rajapakse Thursday, 21 November 2024 07:54 AM

මේක තනිකර මාෆියාවක්. ඕකට ඇතුලේ ඉන්න නිළධාරිනුත් සම්බන්දයි මම හිතන්නේ. ඔය වගේම තමයි ඊශ්‍රායල් යවන එකත් ජාවාරම්කාරයො මැදිහත්වෙලා ලක්ෂ 10ට 12ට යවන්නේ. මේ ගැන ඉක්මනින් අවධානය යොමු කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site