IMG-LOGO

ඊසාන මෝසම ඉන්දු ලංකා මගී නැව නතර කරයි

(අමදෝරැ අමරජිව)

ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය සමනයවු පසු ලබන ජනවාරි සිට යලි මගී ප්‍රවහන සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරේ වරායේ මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා මහතා පැවැසීය.

"චෙරියපාණි" නැමැති මෙම නෞකාවෙන් එකවර මගීන් 150 කට ගමන් කළ හැකි අතර ඉන්දියාවේ නාගපට්ටනන් වරායේ සිට ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා මගි ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කරණු ලැබුවේ වසර 41 කට පසුව ඉකුත් ඔක්තෝබර් 14 වෙනිිිදාය.

මේ අතර මගී ප්‍රවහන මෙහෙයුම්වලට අමතරව ඉදිරියේදි දෙරටේ භාණ්ඩ ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමුවි ඇති බව මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා මහතා කීහ. මෙය සාර්ථක වුවහොත් උතුරේ භාණඩ ප්‍රවහන කටයුතුවලට වැඩි ඉඩක් ලැබෙන බවද ඒ මහතා කීහ.

 



අදහස් (0)

ඊසාන මෝසම ඉන්දු ලංකා මගී නැව නතර කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 633 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site