
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය මෙසේ යාවත්කාලීන කර ඇති අතර, ශ්‍රමිකයින්හට සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට මෙම වෙබ් ද්වාරය ඔස්සේ සිය තොරතුරු තමන්ටම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර රැකියාව සදහා අයැදුම් කළ පසු ඔවුන්ගේ ඉදිරි පියවර සහ අයැදුම්කරු රැදී සිටින මට්ටම ,අයැදුම්කරුටම ජංගම දුරකථනය ඔස්සේම හෝ පරිගණකය ආශ්‍රයෙන් දැනගැනීමේ හැකියාව සලසා දී තිබේ.
www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස බදවා ගැනීම් යටතේ ඇති ඊශ්‍රායලය යන ද්වාරය තෝරාගෙන ජාතික හැදුනුම්පත් අංකය , දුරකථන අංකය සහ අනෙකුත් අදාල දත්ත ඇතුළත් කර අවශ්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායල් රැකියා ගැන වත ගොත දැන ගන්න අලුත් වෙබ් දොරක්
Nihal Tuesday, 24 December 2024 05:00 PM
රැකියා නියෝජිතයන් හිතුහිතු ගණන් අය කරනවා, මේවාට පිළියමක් නැද්ද?රජයේ ගාණක් ඉල්ලන්නේ එම මිලියනයට වඩා මුදල් රජයටද? එම මුදලට වඩා තවත් මිලියනයක් පමණ වැඩිපුර අයකිරීම අල්ලස් කොමිසමට පැමිණිලි කළ හැකිද? යන්න ජනතාව දැනුවත් කරන මෙන් වගකිය යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි..
K.G.B.Harshani Wednesday, 25 December 2024 06:53 AM
විස්තර දැනගැනීම සඳහා...