ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කළේය. ඒ, ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි.
සාලේ අල් අරූර් ඇතුළු හමාස් සාමාජිකයන් 6 දෙනකු එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
හමාස් සංවිධානයට එරෙහිව ගෙන යන සටනේ දී ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයා ලෙස සාලේ අල් අරූර් සැලකෙයි.
මෙම ප්‍රහාරයෙන් පසු, ගාසා තීරයට පමණක් සීමා වුණු ඊශ්‍රායල හමාස් අර්බුදය ලෙබනනයට ව්‍යාප්තවීමේ අවදානමක් පවතී.
ඊශ්‍රායල රජය පවසා ඇත්තේ බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය, ලෙබනනයට එරෙහිව කළ ප්‍රහාරයක් නොව, තම සතුරා හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරයක් පමණක් බවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් නියෝජ්‍ය නායකයා මරුට
PATTA hora Wednesday, 03 January 2024 12:04 PM
මරු ඈ... ආන්න එහෙම මේ ත්‍රස්තවාදී න් අතුගාල දාන්න ඕනෑ. අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න, පලිහක් ලෙස යොදා ගන්න බෙලහීනයෝ.
එළ කොල්ලා Wednesday, 03 January 2024 07:40 PM
කොන්ද පණ නැති අන්තවාදීන් මේ මිහිපිටින් තුරන් කරන්න ඕන කොහේ හිටියත්.
Bamunuarachchi Friday, 05 January 2024 05:24 AM
එළ කොල්ලෝ... ඒක මේ රටටත් වලංගුයි.