ඊලාම් ජනතා විප්ලවකාරී පෙරමුණ හෙවත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායකයා වූ ශ්‍රී පද්මනාභගේ පිළිරුවක් අද ත්‍රිකුණාමලයේ මුහුද පෙනෙන පාරේ පිහිටි එම සංවිධානයේ කාර්යාලයය ඉදිරිපිට දී විවෘත කැරිණි.
පද්මනාභ අදින් 25 වසරකට පෙර කොටි සංවිධානය විසින් ඝාතනය කැරිණි. පිළිරුව විවෘත කිරීමෙන් පසු ඇස්කණ්ණාඩි හා භාණ්ඩ බෙදා දීම ද සිදුකැරිණි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊපීආර්එල්එෆ් නායක රුවක් ත්‍රි‘මලේ
සමීර මෙල්බර්න් Saturday, 20 June 2015 02:33 AM
හසලක පිළිරුව දැක්කහම හිත රිදෙනවලු. මේක දැක්කහම සිංහලයාගේ හිත රිදෙන්නේ නැද්ද දන්නෙ නැහැ. (නි)
යෝනක Friday, 19 June 2015 12:25 PM
මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)
චන්ද්‍රා Friday, 19 June 2015 12:32 PM
ළඟදීම තව තව ඒවා හදාවිද දන්නෙ නැහැ (නි)
ඇසළ Friday, 19 June 2015 01:17 PM
ඊළඟට කාගේ පිළිරුවද? (නි)
සෙනරත් Friday, 19 June 2015 05:26 PM
මේවා කලින් හැදුනේ නැහැ. ඒ වුණාට කට්ටිය කියන්නේ මහින්ද රාජපක්ෂ, බේසමේ කිඹුල්ලු දකිනවා කියලා. තව ඉසරහට හොඳ හොඳ සෙල්ලම් පෙනේවි (නි)
ගුණවර්ධන Friday, 19 June 2015 06:14 PM
මේක වහාම ඉවත් කළයුතුයි කියලයි මම නම් කියන්නේ
සිල්වා Friday, 19 June 2015 07:44 PM
නරකද තව තව ඒවා හැදුවා නම් ඔය පැත්තේ? (නි)
තිලක් Friday, 19 June 2015 08:03 PM
හසලක ගාමිණීගේ පිළිරුව ගලවලා දාමු කියලා කියයි දැන්. මොකද ඒක දකිනකොට එහෙ ජනතාවගේ සිත රිදෙනවනේ. (නි)
දිනේෂ් Sunday, 21 June 2015 05:36 AM
ඇසලයෝ අපි හදමු මහින්ද පිළිරුවක්. එයයි මෙයයි දෙන්නම ප්‍රභාකරන්ට විරුද්ධයි නේ. එතකොට මහින්දව ගලවන්න කිව්වොත් පද්මනාභාවත් ගලවන්න ඕන. එහෙම නේද ලොජික් එක වැඩ කරන්න ඕන.(හේ)
නන්දලාල්-ප්‍රංශය Saturday, 20 June 2015 11:20 AM
එයා රාජ්‍ය නායකයෙක්ද?මෙරටේ ඉදිවියයුත්තේ රාජ්‍ය නායකයන්ගේ සහ ආගමික ශාස්තෲවරුන්ගේ පිළිරූ පමණක් බව රජය ඉක්මනින් තීරණය නොකොළොත් රටපුරාම හතු පිපෙන්නා වගේ ත්‍රස්තවාදී පිළිරූ ඉදිවෙන්න ගනීවි. ශ්‍රී ලංකා ත්‍රස්තවාදී කල්ලියට උඩගෙඩි දුන් ඉන්දියාව පවා පසුගිය දිනක කොටි ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ හොල්මන් පිළිරුවක් ඉවත්කළා.ඇස්කණ්ණාඩි හා භාණ්ඩ බෙදාදීම කරන එක හොඳයි.ඒක කරන්න පිළිරුවක් ඕනෑ නැහැ. (නි)