IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉහේ මල් දාහක් පිපෙනවා වගේ දැනුණා

ARTICAL-03--2016-03-01-SAN_3760

ශෂිකා නිසංසලා

සංගීත ලොවේ සප්ත ස්වර අලූත්ම පෙරළියකට හරවා සහෘද රසික රසිකාවියන්ගේ සවන්පත් අතරට කතා කරමින් ගී ලොවට නවමු එළියක් එක් කළ ඇය ශෂිකා නිසංසලා නමැති ගායන ශිල්පිනියයි. තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවෙන් ගී ලොවට පැමිණ මේ වන විට ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර ඇති ඇය වර්තමාන ගීත වේදිකාවේ ගීත කෝකිලාවක් ලෙස කිරුළ දරන්නට සමත්ව ඇත්තේ ඇයගේ මාධුර්ය හඬ නිසාවෙනි.

 

01. මගේ ජීවිතේ මම වැඩිපුරම සතුටු වුණු දවස තමයි "තුරුණු ශක්ති” සෞන්දර්යය චාරිකාවෙන් ජයග‍්‍රහණය කරපු දවස. මම ඒ සඳහා සහභාගි වුණේ 12 වසරෙ ඉගෙනුම ලබද්දී. ලොකු බලාපොරොත්තුවක් නැතිව තමයි. ඒ සඳහා ඉදිරිපත් වුණේ. මොකද කලිනුත් එවැනි තරගවලට ඉදිරිපත්වෙලා තිබුණා. ඒත් ප‍්‍රතිඵල සාධාරණයි කියලා සමහර තැන්වලදී පෙනුණෙ නෑ. අසාධාරණකම් ගොඩක් සිද්ධ වුණා. මටම පළවෙනි තැන එන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නෙ. හොඳ අය කැපිලා යද්දි අදක්ෂයො ඉදිරියට ආවා. එවැනි දේවල් සිදු වුණාම තරගවල විශ්වාසය නැතිව යනවා. ඒ නිසා තුරුණු ශක්තිවලටත් යන්න ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ. අපිත් එක්ක එකට පාසල් ගිය ලක්මාල් කියන අයියා තමයි ඇප්ලිකේෂන් දාලා ඒ සඳහා යන්න උනන්දු කළේ. කොහොම හරි ගිහින් පළමු වටේටත් තේරිලා, දිස්ති‍්‍රක් තරගයෙනුත්, පළාත් තරගයෙනුත් ප‍්‍රථම ස්ථානය ලබාගෙන අවසන් මහා තරගයට තේරී පත්වුණා. තරගය 1999 වර්ෂයේ පැවැත්වුණේ නමුත් අවසාන තරගය තිබුණෙ 2000 ජනවාරිවල. ඉතින් මම ඒ තරගෙනුත් ජයග‍්‍රහණය කළා. විනිශ්චය මණ්ඩලයෙනුත් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න හැකිවුණා. රෝහණ වීරසිංහ, නන්දා මාලනී, වික්ටර් රත්නායක වැනි ප‍්‍රවීණයන් තමයි විනිශ්චය මණ්ඩලයේ හිටියෙ. ඉතින් මම ජයග‍්‍රහණය කරපු ඒ දවස ඒ රාති‍්‍රය මට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.

 

02. මට A/L ප‍්‍රතිඵල ආපු දවස හොඳට මතකයි. මම තුරුණු ශක්ති ගිහින් පාසලේ වැඩත් ගොඩක් අතපසු වෙලා තිබුණෙ. පාසල් යන්නත් බැරිවුණා. කොහොමත් මම විභාගවලට පාඩම් කරන්නෙ අන්තිම මොහොතෙ. නමුත් කෙටි සටහන් ගහගෙන මුල ඉඳන්ම ලෑස්ති වුණා. අමතර පොත් වලින් පවා තොරතුරු එකතු කරගෙන තිබුණා. මම කළේ සංගීතය, සිංහල හා තර්ක ශාස්ත‍්‍රය. ඉතින් මම A/L වලට මුහුණ දීලා ප‍්‍රතිඵල එද්දි ටිකක් බයවෙලා හිටියෙ. බය නිසාම ඉස්කෝලෙට යන්නත් බෑ කියලා හිතුනා. ඒ කාලෙ දැන් වගේ ඉන්ටර්නෙට් තිබුණෙත් නෑනෙ. ඒත් මගෙ යාළුවෙක් මගෙ ප‍්‍රතිඵල බලලා ගෙදරට කතා කරලා කිව්වා මට හොඳ ප‍්‍රතිඵල තියෙනවා ඇවිල්ලා බලන්න කියලා. ඉතින් මට A3 ක් ලැබිලා තිබුණා. ඒ දවස නම් මට අමතක නොවනම දවසක් වුණා. මගෙ ජීවිතේට. මම විතරක් නෙමෙයි මගෙ අම්මා තාත්තත් ගොඩක්ම සතුටු වුණා.

 

03. මම විශ්වවිද්‍යාලයට ගියපු පළවෙනිම දවසත් මට හරිම සතුටු දවසක්. ගොඩක් මහන්සිවෙලා පාඩම් කරලා දුක් විඳලා තමයි විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට වරම් ලබාගත්තෙ. ඒ සඳහා මම පළමු දවසෙ ගියෙ මගෙ අම්මයි, තාත්තයි එක්ක. එයාලත් ගොඩක් සතුටින් තමයි හිටියෙ ඒ මොහොතෙ. මටත් කියාගන්න බැරි තරම් සතුටක් දැනුණෙ මම විශ්වවිද්‍යාලයට ආවා නේද කියලා. ඒ වගේම එහිදී තමයි මට පෙම්වතාව මුණ ගැහුනෙත්. ඔහු මට පළමුවෙන්ම ආදරේ ප‍්‍රකාශ කරපු දවසත් මට හොඳට මතකයි. ඒ මගෙ ජීවිතේ සොඳුරුතම කාලසීමාවක්.

 

04. මගෙ ජීවිතේ තවත් සොඳුරුතම දවසක් තමයි විවාහ වුණු දවස. 2008 ජනවාරි 28 වෙනිදා තමයි විවාහ වුණේ. ඒ දවස මට හීනයක් වගේ. විවාහ උත්සවය ඉවරවෙලා අපි හුන්නස්ෆෝල් ගියා. ඒ යද්දි ගොඩක් රෑ වුණා. පහුවදා නැගිටිද්දි මට හීනයක් වගේ. විවාහ උත්සවයක් තිබුණද කියලත් හිතුණා. ඒ දවස ඉක්මනින් ගෙවිලා ගියා වගේ. හරිම සතුටු දවසක්. මගෙ ආදරය විවාහයෙන් කෙළවර වුනු එක ගැනත් කියන්න බැරි තරම් සතුටක් හිතට දැනුණෙ.

 

05. විවාහයෙන් පසුව ටික කාලයකට පස්සෙ මගෙ පුතා ලැබුණා. ඒ 2010 ඔක්තෝබර් 14 වැනිදා. පුතා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්ත දවසත් මට අමතක වෙන්නෙ නෑ. වචන වලින් කියන්න බැරි තරම් සතුටක් දැනුණෙ. ඒ වගේම කුසේ ඉන්න දරුවගෙ මූණ බලාගන්නකම් නොඉවසිල්ලකින් හිටියෙ. ඊට පස්සෙ මගෙ දෙවනි පුතා ඉපදුණු දවසත් ඒ වගේමයි ඒ 2014 ජනවාරි 3. ඒ දවසෙත් මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුණා. ජීවිතේට මල් දාහක් පිපුණා වගේ දැනුණා පුතාලා දෙන්නගෙම මුහුණු දකිද්දී.

 

06. මම ගොඩක්ම සතුටු වුණ තව දවසක් තමයි මගෙ ගීතයක් පළමුවෙන්ම රේඩියෝවෙ විකාශය වුණු දවස. ඒ තමයි මගෙ &පාරමිතා” ගීතය ඒ ගීතය කරලා ගොඩක් කාලයක් යනකම් ජනපි‍්‍රය වුණේ නෑ. ඒත් ඒ ගීතය විකාශය වුණාට පසුව හොඳ ප‍්‍රතිචාර තිබුණා. ගොඩක් කට්ටිය කතා කරලා කියනවා. සුබ පතනවා. ඒ හැමදේ එක්කම ලොකු සතුටක් දැනුණා. ඒ වගේම ගීතය විකාශය වුණු දවසෙ පොඩි සිදුවීමකුත් වුණා. මගෙ ගීතය විකාශය වෙනවා ඇහුණම මම එළියෙ ඉඳන් කාමරේට දිව්වා රේඩියෝවෙ සද්දෙ වැඩි කරන්න. ඒ දුවද්දි මගෙ කකුල ඇඳේ වැදිලා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිදුවුණා. ඒත් ඒ ගැන මට දුකක් ඇති වුණෙත් නෑ ගීතය විකාශය වෙනවා ඇහුණම.

 

07. මම &තුරුණු ශක්ති” වලින් ජයග‍්‍රහණය කළාට පසුව ගොඩක් ටෙලිනාට්‍යවල පසුබිම් ගායනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ සඳහා ගොඩක් ආරාධනා ලැබුණා. ගීත 30, 40කටම පසුබිම් ගායනයෙන් දායක වුණා. ඒ අතරින් මගෙ පළවෙනි සම්මානය ලැබුණු දවසෙ ඉහේ මල් දාහක් පිපෙනවා වගේ දැනුණා. කේමදාස මාස්ටර් සංගීතවත් කළ "සෙදෝනා” නාට්‍යයේ "රළ උමතු වෙලා” ගීතයට තමයි සම්මානය ලැබුණෙ. රයිගම් සම්මාන උළෙලෙදී ඒ දවස මගෙ ජීවිතේට අමතක නොවෙන දවසක් වුණා. ඉතා ඉහළ ප‍්‍රතිචාරත් ඒ සඳහා ලැබුණා.

 

සටහන - ධනු විජේරත්න / ඡායාරූප - සඳුන් ගමගේ

sandalla

ARTICAL-03--2016-03-01-SAN_3740
ARTICAL-03--2016-03-01-SAN_3750



අදහස් (0)

ඉහේ මල් දාහක් පිපෙනවා වගේ දැනුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site