IMG-LOGO

ඉහළ කොත්මලේ ජලාශයට මළ අපද්‍රව්‍ය එක් කළ පිරිසකට රතු නිවේදන

(රංජිත් රාජපක්ෂ )
 
තලවකැලේ නගරයේ වෙළඳසැල්වල සහ නිවාසවලින් බැහැරලන, අපජලය සහ වැසිකිලි මළ ද්‍රව්‍ය ඉහළ  කොත්මලේ ජලාශයට  සෘජුවම  මුදා හැරි යැයි  කියමින් වෙළදසැල් හිමියන් සහ පදිංචිකරුවන් පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට අද (27) තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
 
ඉහළ කොත්මලේ ජලාශයේ ජලයට අසුචි මිශ්‍ර වන බවට තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට ලද පැමිණිල්ලක් මත තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ තලවකැලේ පොලිසියේ පාරිසරික ඒකකයේ නිලධාරින් එක් ව (27) දින ඉහළ කොත්මලේ ජලාශය අවට පදිංචිකරුවන්ගේ නිවාස සහ ජලාශට යාබදව පිහිටි වෙලදසැල් හදිසි පරික්ෂාවකට ලක් කළේය.
 
එම හදිසි පරික්ෂාවේදි ඉහළ කොත්මලේ ජලාශයට යාබදව පිහිටි නිවාස සහ වෙලදසැල් 40 ක පමණ අපජලය සහ වැසිකිලි මළ ද්‍රව්‍යය සෘජුවම ඉහළ කොත්මලේ ජලාශයට මුදා හරින බවට තහවුරු විය.
 
මෙම හදිසි පරික්ෂාවේදි ඉහළකොත්මලේ ජලාශයට අපජලය සහ වැසිකිලි මළ ද්‍රව්‍යය මුදා හැර තිබු වෙලදසැල් හිමියන්ට සහ නිවාසවල පදිංචිකරුවන්ට දින හතක කාලයක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ලබාදුන් අතර, එම කාලය අතරතුර ඉහළ කොත්මලේ ජලාශයට අපජලය සහ වැසිකිලි මළද්‍රව්‍යය මුදා නොහැරිමට යම් ක්‍රමවේදයක් සකස් කර ගන්නා ලෙස මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් දැඩි ලෙස නියෝග කරනු ලැබුහ.
 
එසේ නොකරන වෙලදසැල් හිමියන්ට සහ නිවාස වල පදිංචිකරුවන්ට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි. මෙම හදිසි පරික්ෂාවට එක් වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.
 
මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් වෙලදසැල් සහ නිවාස පරික්ෂා කරන අවස්තාවේ එම ස්ථානයට පැමිණි තලවකැලේ ළිදුල නගර සභාවේ පසන් හිමාලක මහතා මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් හමුවේ විරෝධය දක්වමින් කියා සිටියේ ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි එම ව්‍යපෘතිය භාරව සිටි නිලධාරින් විසින් මේ සදහා නිසි ක්‍රමවේදයක් සකස් නොකල නිසා මෙම තත්ත්වය උද්ගත වි ඇති බවයි.
 
එම නිසා ඉහළ කොත්මලේ ජලාශයට අපජලය සහ වැසිකිලි මළද්‍රව්‍යය මුදා නොහැරිමට ක්‍රමවේදයක් තලවකැලේ නගරයේ වෙලදසැල් හිමියන්ට සහ නිවාස වල පදිංචිකරුවන්ට නොහැකි බවයි.
 


 



අදහස් (1)

ඉහළ කොත්මලේ ජලාශයට මළ අපද්‍රව්‍ය එක් කළ පිරිසකට රතු නිවේදන

Kamal Koyrala Thursday, 27 August 2020 10:52 AM

තලවාකැලේ ලිඳුල මළ අපවහන පද්ධතියක් කොහේද තියෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2073 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 642 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 725 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site