
(විමුක්ති එස් රුද්‍රිගු)
හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු නවාතැන් ගෙන සිටි නෙෂාට් ගොඩනැගිල්ලට එල්ල වූ කෙටිදුර මිසයිලකින් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් අද(08) ප්‍රකාශ කළේය.
හනියේ ඝාතනය වූයේ කිලෝ ග්‍රෑම් 7 ක් පුපුරණ ද්‍රව්‍ය සහිත යුද ශීර්ෂයකින් යුත් කෙටිදුර මිසයිලයකින් බවට ඔහුගේ ඝාතනය පිළිබඳ ආරම්භ කළ විමර්ශනයේදී අනාවරණයවූ කරුණුවලින් තහවුරුවී ඇතැයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම ප්‍රාහරය ඇමෙරිකාවේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් සිදුකර ඇති බවත් එයට පිළිතුරු නිසි වේලාවට නිසි ආකාරයට ලබා දෙන බවත් එම නිවේදනය නිකුත් කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටියේ හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට මත දෙකක් ඉදිරිපත් වී ඇති බවත් එම මත දෙක අතර ලොකු වෙනසක් තිබෙන බවත්ය.
කෙසේ නමුත් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු රැඳී සිටි කාමරයේ ඇටවූ බෝම්බයකින්ද එසේත් නැතිනම් ඔහු රැඳී සිටි ආගන්තුක නිවසට එල්ලවූ කෙටිදුර මිසයිලකින්ද යන්න තවමත් පැහැදිලි නැතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. ඔහු සැබැවින්ම මියගියේ මිසයිල ප්‍රහාරයකින් නම් ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය හනියේ සිටි තැන නිශ්චිතව දැන සිට ඇති බවත් එය ඉරානයට බරපතල ආරක්ෂක ගැටළුවක් බවට පෙනෙනු ඇති බවත් ආරක්ෂක විශ්ලේෂකයෝ පැවැසූහ.
මෙම මත දෙකෙන් ඉරානය තහවුරු කරන මතය මත ඉරානයේ ප්‍රතිචාරයද තීරණය වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’ඉස්මයිල් ඝාතනය කළේ කෙටිදුර මිසයිලයකින්’
VIDEV NUGAWELA Saturday, 03 August 2024 10:28 PM
ඉරානය න්‍යෂ්ටික ප්‍රහාරයකින් විනාශ කළ යුතුයි
Chinthaka Sunday, 04 August 2024 05:08 AM
කැලේ සිටින සර්පයෝ අවුස්සා කනවෝ කනවෝ කියන්නෙ නැතුව උන්ටත් ඉන්න දෙනවා නම් ඕවා වෙන්නෙ නැහැ .ඒ මිනිස්සු වෙන ලෝක වලින් අපේ ලෝකයට අභ්‍යාවකාශ යානා මගින් ගෙනවිත් බලහත්කාරයෙන් පදිංචි කරලා ඉන්න මිනිස්සු කොට්ඨාශයක් නොවෙයි නේද. උන්ටත් මානව හිමිකම් තියෙනවා .ඇයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේවා ගැන බලන්නෙ නැද්ද