IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉසිපතනය පරදවා ධර්මරාජ කී‍්‍රඩකයෝ විශිෂ්ට ජයක් ලබති

අන්තර් පාඨශාලීය ‘ඒ’ කොටසේ රග්බි තරගාවලිය යටතේ මහනුවර ධර්මරාජ පිලත් කොළඹ ඉසිපතන පිලත් අතර බෝගම්බර කී‍්‍රඩා පිටියේදී පැවති රග්බි තරගයෙන් ලකුණු 35-08 ක පහසු ජයක් වාර්තා කිරීමට ධර්මරාජ පිල සමත් විය.

ප‍්‍රථම අර්ධය නිම වන විට ලකුණු 27-03ක් වශයෙන් ධර්මරාජ පිල ඉදිරියෙන් සිටි අතර ධර්මරාජ පිල ගෝල දිණුම් දෙකක් උත්සහක දිනුම් තුනක් ඩ්‍රොප් ගෝල දෙකක් මගින් ලකුණු රැුස් කළ අතර ඉසිපතන පිල උත්සහක දිනුමක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කළේය.

තරග විනිසුරු ඩින්කා පීරිස් මහතාගේ නළා හඩින් තරගය ආරම්භ වීමත් සමග ප‍්‍රතිවාදීන්ට ප‍්‍රබල තර්ජනයක් එල්ල කරමින් පිටියේ අණසක සියතට ගත් ධර්මරාජ කී‍්‍රඩකයෝ, පළමු විනාඩි 35 පුරා ප‍්‍රතිවාදී සීමාවේ රැදී සිටීමට සමත් වූහ.

ධර්මරාජ ආධාරකරුවන් අමන්දානන්දයට පත් කරමින් කී‍්‍රඩා කළ තිළිණ විජේසිංහ ගෝල දිනුම් 2ක් උත්සහක දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය. ධර්මරාජ පිල වෙනුවෙන් විරාජ් විජේසේකර හා ඉසංක විමලසූරියද උත්සහක දිනුම් වාර්තා කළ අතර තරගය අවසන් වීමට මොහොතක් තිබියදී මීටර් 50 සීමාවේ සිට ධර්මරාජ පිලේ ලෝචන හෙට්ටිආරච්චි විසින් සාර්ථක කරගන්නා ලද ඩ්‍රොප් ගෝලය රග්බි ලෝලීන්ගේ සිතින් කාලයකට නොමැකෙනු ඇත.
ඉසිපතන විද්‍ර්‍යාලය වෙනුවෙන් සුදම් සූරියආරච්චි උත්සහක දිනුමක්ද ඉසුරු කෝන්ගහවත්ත දඩුවම් පහරක්ද සාර්ථක කර ගත්හ.



අදහස් (0)

ඉසිපතනය පරදවා ධර්මරාජ කී‍්‍රඩකයෝ විශිෂ්ට ජයක් ලබති

වරුණ Thursday, 28 March 2013 04:24 PM

පිටිගල, ඉසිපතනය කියන්නේ ලොකු පාසලක්ද? (නි)

:       0       0

චමින්ද Friday, 29 March 2013 08:47 PM

පිටිගල ඔයා දන්නේ නැද්ද ධර්මරාජය කියන්නේ ලංකාවේ අංක එකේ පාසැල් පහෙන් එකක් තියලා.(නදී)

:       0       0

චමී Wednesday, 27 March 2013 08:58 PM

ධර්මරාජේ කොහොමත් රගර් වලට නොම්මර එකේ පාසැලක්. එය විශ්මිත දියුණුවක් නෙමෙයි. පහුගිය අවුරුදු පහේ විතරයි පොඩි පසුබෑමකට ලක්වෙලා තිබුනේ.(නදී)

:       0       0

කාලිංග Wednesday, 27 March 2013 06:54 AM

හොද තරගයක්, සුභපැතුම්.(නදී)

:       0       0

ශෙහාන් Friday, 29 March 2013 02:37 PM

පිටිගල, ධර්මරාජය ගැන ඔයා මොනවද දන්නේ? :P (නි)

:       0       0

පෙරේරා Wednesday, 27 March 2013 07:56 AM

කමෝන් කොල්ලනේ! (නි)

:       0       0

ජයසිරි Friday, 29 March 2013 02:56 PM

අපේ ඉසිපතන කොල්ලෝ ලෙහෙසියෙන් පරාද වෙන්නෙ නැහැ. ලබන පාර දිනනවාමයි. (නි)

:       0       0

අමිත් Wednesday, 27 March 2013 08:43 AM

අපේ කොල්ලෝ කොහොමත් හොදම තමයි. ජය වේවා!(නදී)

:       0       0

පුබුදු Wednesday, 27 March 2013 10:26 AM

ධර්මරාජයේ ඉන්නේ සිංහ පැටවු. (නි)

:       0       0

අරුණ Wednesday, 27 March 2013 11:06 AM

මා පතන රග්බි ලෝලියෙක් වුවත් , ධර්මරාජය ලබා ඇති විශ්මිත දියුණුව ගැන හද පත්ලෙන්ම සතුටු වෙනවා (නි)

:       0       0

හෙට්ටි Friday, 29 March 2013 10:13 AM

අනේ ඉසිපතනයත් මොකක්ද? ආනන්ද නාලන්දා, ධර්මරාජ, ගාල්ල මහින්ද.. අන්න ලංකාවේ නියම ඉස්කෝල. (නි)

:       0       0

පිටිගල Thursday, 28 March 2013 04:47 AM

අනේ ධර්මරාජ, කොළඹ ලොකු පාසල් කරන දේවල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. (නි)

:       0       0

සෑම් Tuesday, 26 March 2013 08:45 PM

ධර්මරාජයෙක් වීම ගැන ආඩම්බරයි! (නි)

:       0       0

මහේෂ් Saturday, 30 March 2013 12:42 PM

ධර්ම රාජයට සුභ පැතුම් (දී)

:       0       0

චමින්ද Tuesday, 26 March 2013 09:45 PM

ශ්‍රේෂ්ටයි.(නදී)

:       0       0

සිදන්ත Tuesday, 26 March 2013 09:46 PM

නියමයි, ඔහොම යමු.(නදී)

:       0       0

ඉෂාන් Wednesday, 27 March 2013 01:38 PM

නියමයි! ධර්මරාජ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site