IMG-LOGO

ඉරානය සටන් විරාමය කඩයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සටන් විරාමය ක්‍රියාත්මක කර පැයක් යන්නටත් මත්තෙන් ඉරානය සටන් විරාමය කඩ කළ ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කළේය. 

ඉරානය ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් අවම වශයෙන් එක් බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයට එල්ල වූ බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සඳහන් කළේය.

බැලැස්ටික් මිසයිල ප්‍රහාරය එල්ල වීමත් සමග අනතුරු ඇඟවීමේ නලා නාද වූ බවත් ගුවන් ආරක්ෂණ පද්ධතිය එම මිසයිලය විනාශ කර දැමූ බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත සඳහන් පැවැසුවේය.

දින 12 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කරමින් සටන් විරාමයකට එළැඹුණ බව ඉරානය සහ ඊශ්‍රායලය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය. සටන් විරාමය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ඉරාන සහ ඊශ්‍රායලය සිය මෙහෙයුම් අතිශය සාර්ථක වූ බව ප්‍රකාශ කළේය.

ඉරානය සහ ඊශ්‍රායලය සිය මෙහෙයුම් අතිශය සාර්ථක වූ බව නිල වශයෙන් ප්‍රකාශ කරද්දී ඇමෙරිකාවද ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුම අතිශය සාර්ථක වූ බව ප්‍රකාශ කළේය.

ඉරාන - ඊශ්‍රායල යුද්ධයේදී සිය ප්‍රතිවාදියාට එරෙහිව ඉරානය "ටෘ ප්‍රොමිස් 3" මෙහෙයුමත්, ඊශ්‍රායලය " රයිසින් ලයන්" මෙහෙයුමත්, ඇමෙරිකාව "මිඩ්නයිට් හැමර්" මෙහෙයුමත් ක්‍රියාත්මක කර තිබිණි.



අදහස් (0)

ඉරානය සටන් විරාමය කඩයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 100 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2236 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 693 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site