IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?

(සුජිත් හේවාජුලිගේ )

ඊශ්‍රායලය  විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ  ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත්   එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන  ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද ඉන්  බරපතල අවදානම් සහගත තත්වයක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ඉන්ධන ගෙන්වීමේදී ශ්‍රී ලංකාව ඉරානය සමඟ සෘජු සබඳතා  නොපැවැත්වුවද  ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා  රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද ඔහු සඳහන් කළේය.

ඉරානය සිය තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම කරන්නේ චීනයටය. මීට  අමතරව ඉරානය  ඉන්දියාවට සහ ජපානයටද ඉන්ධන අපනයනය කරන බව  පවසන මහාචාර්යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්ධන සැලකිය යුතු ලෙස මිලදී ගන්නා බවද සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාව ඉරානයට  ඩොලර් මිලියන 80ක පමණ භාණ්ඩ  අපනයනය  කරන අතර ඉරානයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක භාණ්ඩ ආනයනය කරයි. ඉරානය ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන රටවල් අතර සිටින්නේ   61 වැනි ස්ථානයේය.

ඊශ්‍රායලය ඉරානයට ඊයේ (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මධ්‍යම ඉරානයේ ඉස්ෆහන් පළාත ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කෙරිණු මෙම ප්‍රහාරයෙන්  ඉරානයේ  ආභ්‍යන්තර ගමන්ද තාවකාලිකව අත්හිටුවා ඇත.

එසේම ඇමරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට විවිධ සම්බාධක පනවා ඇතැයිද  විදෙස් පුවත් වාර්තා සඳහන් කළේය.

ඊශ්‍රායලය ලිබියාවේ  පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉරානය ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ඩ්‍රෝනා  සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ  කළේය. ඊශ්‍රායලය ඉරානයට  පෙරේදා ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට එකට එක කිරීමක් ලෙස යැයි  පැවසේ.

මේ තත්වය යටතේ දෙරට අතර ගැටුම් සහ එදිරිවාදිකම්  ඉතිරි දිනවල තවදුරටත් වැඩිවිය හැකි බවට  දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරති.එසේම  මෙම ගැටුම් ලෝක යුද්ධයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්ද  පවතින බව ඔවුහු  වැඩිදුරටත් පෙන්වා දෙති.



අදහස් (4)

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?

Ashoka Saturday, 20 April 2024 11:13 AM

ඉරානයෙන් මොනවද බිලියන 10ක බඩු ගෙන්වන්නේ? බලපුවාම ලෝකේ හුඟක් රටවල් වලට බිස්නස් තියෙන්නේ ලංකාවේනේ...

:       0       0

සිල්වා Saturday, 20 April 2024 11:43 AM

වියත් මහාචාර්යතුමනි, බයවෙන්න එපා. වත්මන් ජනාධිපතිවරයාට ජාත්‍යන්තරය ගැන ඉතාම ඉහළ අවබෝධයක් තිබෙනවා...

:       0       0

පාඨකයෙක් Saturday, 20 April 2024 06:22 PM

"ඊශ්‍රායලය ලිබියාවේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර" ප්‍රහාරය එල්ල වූයේ ලිබියාවේ නොව, සිරියාවේ ඩැමස්කස් නගරයේ පිහිටි ඉරාන කොන්සල් කාර්යලායටයි...!

:       0       34

Anura Sunday, 21 April 2024 10:02 AM

අපේ අවශ්‍යතාවය ලිබියාවයි. එහි වරදක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 18 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


හිටපු පොලිස් කතක්-අපරාධකරුවෙක්ගේ අනියම් බිරියක් අයිස් සමඟ මාට්ටු
2024 මැයි මස 03 234 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්


මා - පිය වලියට දැරිය දිවි පුදයි
2024 මැයි මස 03 740 0

මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මේ වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන්
2024 මැයි මස 03 433 0

2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


හදන දුම්රිය මගේ අනාරක්ෂිත ගමනින් සිසුවෙක් මරුට
2024 මැයි මස 03 740 0

ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්‍රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙන


පළාත් තුනකට අදත් වැස්ස
2024 මැයි මස 03 62 0

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 460 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1883 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1678 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site